**** .... 30 ....****
අපරට අතහැර ඇවිදින් ..............පිටරට
සොයනට කහවනු යහමින් .........දිවියට
කතරට වුවමුත් හරියම් ...........තැනකට
තිහකට පෙර මම පැමිණුනි ......මෙරටට
එකලය අපරට කළුදුම ............නැගුනේ
දුටුවිට කුමකට ඉඳිනුද ..............සිතුනේ
එලෙසට මෙය ගැන තීරණ .......ගැනුනේ
විගසට ආපසු යන සිත ...........ලෙසිනේ
සිරිලක තනතුර තරමක .............ඉහලයි
කෙලෙසක එය හැර ආවද ...........පුදුමයි
එනමුදු එහි ඇති පඩිපත .............පහලයි
පඩිපත සහ මෙහි පහසුව ............කදිමයි
වසරට දෙවරක් යන අප .............මවුරට
ලැබුනට අතමිට සිත නැත ........මෙමරට
පවුලට පුතුනුත් දෙදෙනෙකි ........මේවිට
අනූවෙ සිතුනා ආපහු ...............යන්නට
ලොක්කට ටෙලිකොම් සිටි පෙර ...දවසේ
“සර් අයි ලයික්-ටු කම් බැක් ” .....පැවසේ
“තමුසෙට ඇත්තට පිස්සුද ...........අයිසේ "
බැරිවෙද අපටත් යන්නට ............ඔබසේ
ලොක්කගෙ පිළිතුර පපුවට .........වැදුනා
සවුදිය දෙසටම ආපහු ................ඇදුනා
දැක්මෙන් මෙහි ඇති ගුණදොස් .සොඳිනා
තිස් එක වසරට පා යුග .............තැබුණා
එවකට තිහකිය වයසද ...............මාහට
ගෙවු කල සමවිය අදදින ............පිටරට
බැලුවිට ආපසු සිහිකොට .........මේ හැට
කෙටි බව පෙනෙනව දිගමුත් ......හරියට
මවුරට නිතරම අප යන ...............එනවා
දරුවන් හතරක් පිරිපුන් ............කෙරුවා
කවුරුන් කෙලෙසක කිව්වත් .....මොනවා
සවුදිය අපහට මෙහයක් ...........කෙරුවා
17/11/2013 සුනිල් පෙරේරා කිවිඳුන් විසින් කරන ලද නිර්මාණයකි.
No comments:
Post a Comment