වසන්තය නිමා විය ,
සිරි පොදය පොලොව සිප ඉඩෝරය කළා ....... නිම
මද සුළඟ සිලි සිලිය අතු අතර දඟේ ...............කිම
තුරු මුදුන් සරසවා සුපිපි මල් වලින් ................ සැම
වසන්තය පැමිණුනා ජීවිතේ ..................සොඳුරුතම
තෙත පොලොව නැවුම් සුවඳින් හිඳී ........කුල්මත්ව
ඇහැරිලා ගහ කොළ ද බලා සිටි ............හෙම්බත් ව
පිපුණු මල් වෙත ඇදී බඹර කැල ............. මන්මත්ව
රොන් උරා බොනු දුටිමි ලං වෙවී ...........පෙම්වත්ව
කුරුළු පෙළ මල් වියන් යට සදා ....................ඕවිලී
හිමිදිරියෙ සිට ඇඳිරි වැටෙන තෙක් පෙම් .... කෙලී
මිහිරි ගී නද දෙමින් නොහැර රසයේ ............. ගැලී
අසනු රිසි කිචි බිචිය නගන උන් .............. සියුමැලී
දොළ දියට වැටෙන මල් යතී දිය පිට ...........ගලා
අසල ගල් කුලෙ හැපී පෙන බුබුළු .............නංවලා
පතුලෙ රතු නිල් කැට ද ගෙන තබා ........... හංගලා
ලලිත ගමනට ඇගේ මින් පැටවු පෙම් ...........කළා
රසය දුන් මුත් කෙමෙන් වසන්තය නිම .........වුනී
මල් ද කොල පල සැවොම අතු අගින් ......ගිලිහුනී
සුළඟ රළු වියලි බව සිත වෙහෙස ගෙන ........දුනී
යලි නොඑන වසන්තේ මෙයම දෝ නොම ....... දනී
මංගලිකා පෙරේරා කිවිඳියගේ නිර්මාණයකි
No comments:
Post a Comment