~~ සමාධි පිළිමය අභියසදී
බුදුහිමිට කී කේලම ~~
දුර මග ගෙවා ගෑටුවෙ තෙල් මල්...........ඇන්න
සිව් බඹ විහරණය වෑහෙනු දැක..............ගන්න
ඉර - කය දවන මුදු පුළුවනි ඉව..............සන්න
අවසර ! හිමියනේ පායුග නම................දින්න
සමිඳුනි, තුන් වරක් ඇවිදින් අතී...............තෙහී
සිරිලක පුරා හෙලුවට ප්රඥාවෙ................වැහී
බොදුනුවො කියාගෙන වැන්දත් කවුරු.....කොහී
බෙහෙතට එකෙක් නෑ ! ධර්මය සමඟ.......මෙහී
වසරට වාරයක් සමනොළ කන්ද...............නැග
දෙදණින් වැටෙති බුදු සිරිපා මළුව...............අග
බැති බරටමද මන්දා ! බොදුනුවන්...……....ළඟ
පස් වෙනි සීලෙ බිඳලති යන අතර…………මග
සත වෙත මහා කරුණාවෙන් දුන්නු….….බෙදා
සිරි මුඛ ද්වාරෙන් ඔබ දෙසු දහම..............එදා
චීවර දරණ උතුමන් පරසිද්ද....................සදා
දෙසුමට වඩින්නෙත් මිල මුදලටය……....මෙදා
සුදු පිරුවටෙන් සැරසී හැම පෝය………....කට
පුද පූජාද, පිළිවෙත් වුව ඇත....................එමට
මෙත් භාවනාවත් කියවති පුරුද්..................දට
ගෝනුස්සෝය එනමුත් පපු කුහර……….....යට
හැම දේකදිම දන පින ඉදිරියට..............හොවා
පිරිතක් කියයි ගෙදරදි බුදු පුතුන්...............ලවා
ලැජ්ජයි හිමියනේ ඉතිරිය කීම..................පවා
සඟ ඝන පිටවු සැන ඇත මත් වතුර............එවා
දනිමිය පොදුවෙ පර පන වැනසීම...........පවක්
දුන්නෙද ? හිමියනේ ගවයට වෙනම….තැනක්
මල බෙර ගහති දුටුවිට ගව ඝාත............නයක්
සිය ජීවිතෙත් පිදුවා එක සංඝ................නමක්
තවකෙකු කරන පව දැක වෛරෙන්…..…..ඊට
හැසිරෙන එකද අකුසලයක් වූ..................වාට
ඕවා තේරුණේ හිමියනි කොයි................කාට
උන්ගේ කරුම ගෙනියයි උන් යන…..…....දාට
(ශාවී) ශාන්ත විජේසිංහ කිවිඳුන්ගේ නිර්මාණයකි .
No comments:
Post a Comment