කවි කියවන්න ආව අය

Friday, February 26, 2016

කිත්තම්මහර 10

කිත්තම්මහර 10

සයනෙන් බට පෙරියදොරේ සළුවක් ඉණ ඔතා
මවා ගත්ත ශෝකය මැද බදාගතිය පුතා
උස් වූ හිස පිය සෙනෙහෙට නොවෙමින් අවනතා
දෑස් යැවී සිරියහනේ නග්න සිරුර වෙතා

එළියට ආ පියපුතු විමැසිය ආගිය කතා
ඩැඩී මවගෙ හදිසි මරණෙ මට පැනයකි ඉතා
කමෝන් සන් දුනි ලොක්කා ටොපිය කොලේ ඔතා
ගෙනාපු ආයුෂ ඉවරයි මෙලොවදි ඈ පතා

එදා දවස ගෙවී එහෙම හිරු පෑයී දෙවැනිදාට
උදේ තේක රැගෙන පුතුගෙ කුටියට ආ ගාට ගාට
සිරියහනේ අංගනාව දැක දෙනෙතින් පාටපාට
සුරතින් ඇද ළඟට ගතිය ගැලවීමක් නොදී ඈට
............................................................ශාරා

දෙබර පහස ලැබු සැමදා තඹරු සොඳ
විසුර වනා නව අරුණලු කිරන මැද
උරණ නොවී හෙට දැනගමු විඳින ලද
තුරුණු බමර තුඩ කොතරම් සියුමැලිද ?

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.

No comments:

Post a Comment