කිත්තම්මහර 11
18+
සිරුර මතට වැටි මල පිළිගති සවිමත් බාහු
මුදු වදනක් සවන පතිත විය මෙතුවක් නෑහු
ගෙල පිටුපස කිතිකැවෙද්දි දෙතොල් සිසිල වෑහු
වෙනස දැනුණි ඇයට සිකුරු හා කවුරුද රාහු
ආනන්දය අනඟ රැඟුම ආදරයද මුසුව
ආලිංගන මැද මැවුනා පෙම්බර කසුකුසුව
සාගත පරඬැලට ලැබුණ හින්දා දිව ඔසුව
ලෝහිත සානුව ගිනිගත්තා කලකට පසුව
පැය දෙක හමාරකි රැඟුමට ගත්ත වෙලා
පිබිදුණු කුසුමෙ පැනි පිටවිය දෙගොඩ තලා
මහ තෘප්තියෙන් මල අඩවන් දෙනෙත් සලා
බමරිඳු නළල සිප ගත්තා කඳුළු හලා
...........................................ශාරා
මලක් උනොත් මල පිපෙන්න නටුවක් ඕනෙ
.........................................................?
.........................................................?
.........................................................?
ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.
No comments:
Post a Comment