කවි කියවන්න ආව අය

Friday, February 26, 2016

කිත්තම්මහර 9

කිත්තම්මහර 9

විවරවු දොරෙන් ආ ඒ රුව ඉදිරිපස
ඔබමොබ සැරිසැරී සුපුරුදු කෙනෙකු ලෙස
පාළුව නසන උස් කෙඳිරිලි හඬක් දෙස
මොහොතින් පියමැනී යොමමින් උකුසු ඇස

ශබ්දය නැගුනු තැන පායුග නතරවිය
විමසිලි දෑස දොර හිඩැසට තුරුල් විය
දසුනෙන් දුටුව මුළු සිරුරම කෙළින් විය
දෑතේ වැරෙන් දෙපියන් දොර විවර විය

ඇතුළට ආවෙ තරුණෙකි උස මහත රතු
උච්චම වෙලාවේදී පෙම් යුවල සතු
ලොක්කගෙ දෑසෙ දිස්විය විශ්මයක තතු
පිටරට ඉගෙනගන්නා තම එකම පුතු
.............................................ශාරා
ඉන්පසු වෙච්ච දේවල් ගැන හෙට බලමු

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි .

No comments:

Post a Comment