කිත්තම්මහර 12
රසවන්තියට ගැහුණම රසවතෙකු මුණ
ඇසි පිය හෙළන සැනෙකින් වෙති නොතැන තැන
දිගු රැය පහන් කර පටලා දෙබර කුණ
අළුයම ඇදෙයි ලැබගන්නට බමර පන
ඒ විතරක්ද යති එති සිහිනිඟ ගස්සා
ඈ එන විටදි මින්දද හී සර වැස්සා
නෑ දැන් වලව්වට ඕනෑ රැකි රස්සා
අප්පාටත් එහා අර තඩි ගොං වස්සා
සුරංගනී වලව්වටම විය සින්න
කවුරුත් නොමැති හින්දා දැන් සලකන්න
එකියක් හොයාගෙන වයසට ගැළපෙන්න
ඒකිගෙ ගෙදර ඇන්තනි බැස්සා බින්න
.................................................ශාරා
නිසංසලයි ගග මේ දිනවල ගලන
සුපුරුදු පරිදි වෙයි කටයුතු ගිනි නිවන
හෙටනම් ඔන්න පුවතකි පැනි රස මවන
තව චරිතයක් ඇත වතුකරයට පැමිණ
ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.
No comments:
Post a Comment