කවි කියවන්න ආව අය

Friday, February 26, 2016

කිත්තම්මහර 13

කිත්තම්මහර 13

ඇඳුම් පැළඳුම්ද රන් මුතු මැණික් ද
ලැබෙයි ඇයට ඈ ඉල්ලූ සැනින්ද
දකින කෙනෙක් පවසයි දුටු මතින්ද
කොතරම් සුරූපී වැදගත් කෙනෙක්ද

දුටුවොත් එහෙම මගතොට ඈ යන අයුරු
වත්තේ ගෑනුන්නෙ කටු නොව කටු පඳුරු
ඇස්වල ඇනෙයි කිසිවක් නොකරම ඉතුරු
දවසම අරියි වෙන වැඩ නැත ඇය පතුරු

කතා දෙකක් නැත වත්තේ සුරංගනී
මිහිබට සුරඟනකි සුන්දර සුරංගනී
දවසට දෙකක් හා සැතපෙන සුරංගනී
කාගෙන් නමුදු ගැබ් ගත්තා සුරංගනී
............................................ශාරා

කිත්තම්මහර 6  වෙත දැන් සිත යොමමු
ඇති පලපුරුදු සැමදෙනටම අඬ ගසමු
ර්‍ඒ අයටත් අවශ්තාවක් ඔන්න දෙමු
"ගැබ් ගන්නටත් පෙර මැටිනිටි හෝම් දැමු"

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.

No comments:

Post a Comment