කවි කියවන්න ආව අය

Friday, February 12, 2016

කිත්තම්මහර 1

කිත්තම්මහර 1

බේබදු ඇන්තනී වත්තේ කංකානී
රෝසම මලකි ඌ බිව්වට උගෙ ගෑණී
කාලමකන්නියට ලැබුණත් දෙව් දෝණී
ඒකිව නැලෙව්වේ සුපිරිංටැන් ටෝනී

ඈ දෙස වත්තෙ උන් බැලුවත් ඇදේට
ඔහෙ නෑ ඒකි ගියෙ උන් හා කදේට
සැමියා වැඩට ගියයින් පසු උදේට
පසුපස දොරින් එයි ටෝනී වැඩේට

වටපිට ගෑණුන්ට දිරවන්නෑ මේක
වැඩියෙම හීල්ලුවෙ පාටැති උන් කාක
අතටම අල්ලලා දෙන්නට මුන් දාක
ගැටයක් ඇඹරූහ පත්තිනියෝ ලෝක

............................................ශාරා
කොහොමද වැඩකළේ කොහොමද ගහපු ගැටේ
කේවට්ට‍යා ඇත මුන්නේ මොළේ වටේ
මේවගෙ උන්ද ඉන්නේ මේ ලෝකෙ රටේ
හෙට මේ වෙලාවට ලියැවෙයි මගේ පිටේ

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි. ඔහුගේ අවසරය මත මෙහි උපුටා පල කරමි. මෙයින් උපුටාගැන්මක් සිදුකරන්නේ නම් නිර්මාණ අයිතිය සටහන කරන්නට කාරුණික වන්න.

No comments:

Post a Comment