--- පියාගෙන් පුතාට ---
දකින්නට මේ වගේ දසුනක් සිහින ගැන්නා .................... කාලයක්
සිටින්නට හැකි වේව කියලත් පැතුව දාහක් .................... වාරයක්
වදන්නට බැරි වුනත් කුසයේ හොවා ගෙන දස ................ මාසයක්
වඳින්නට ගොස් අම්ම එක්කම වූව පුතුහට ..................... භාරයක්

මෙතෙක් කල් වග බලා ගත්තා නොගා ඉන්නට මඩ ............ බිඳක්
එතෙක් ආ මෙන් හෙටත් ඉඳපන් එහෙම නැත්නම් නෑ........ හොඳක්
කොතෙක් කීවත් කියන්නට බෑ සමාජේ කාටත් .................. ඇදක්
පුතෙක් හැදුවා හරිම සතුටකි බැලූ පසු හැරිලා ..................... මදක්

කාලෙකින් යළි ගෙදර එන තෙක් බලා ඉන්නට බෑ .............. මටත්
සීනෙකින් නුඹ ඇවිත් පෙනියන් පුතේ හැම හැම ............... රෑකටත්
මාසෙකින් පඩි ලැබෙනතුරු වියදමට කියලා ................. කෝකටත්
අම්මගෙන් ඉල්ලාන පලයන් බෝඩිමට සහ ..................... කෑමටත්

නුහුරු නුපුරුදු තැනක් හින්දා පරිස්සම ගැන .................... හිතාපන්
මිතුරු වෙස් ගෙන ඉන්න සතුරන් හඳුන ගන්නට ...............බලාපන්
ඉසුරු සොයමින් වීදි සරණා කතුන් හට දන් .................. නොදීපන්
ඇසුරු කරමින් ඉන්න දුව ගෙන් නිතර විස්තර .................. අසාපන්
දැනෙද්දී හෙට අඩුව මාගේ පිය සෙනේ ගැන .................. ලියාපන්
ලැබෙද්දී ඉඩකඩක් ඒ ටික පියුම්ගේ අත ........................ එවාපන්
අහද්දී මොනවාද ඕනේ මේක විතරක් ........................... කරාපන්
මියෙද්දී මම නොගෙව තිබුනොත් කඩේ ණය ටික .......... ගෙවාපන්

--- ශෂික මධුරංග කරුණාරත්න ---
ශෂික මධුරංග කරුණාරත්න කිවිඳුන්ගේ නිර්මාණයකි.. ඔහුගේ අවසරය මත උපුටා පලකරන ලදී..

No comments:
Post a Comment