කවි කියවන්න ආව අය

Tuesday, February 16, 2016

කිත්තම්මහර 3

කිත්තම්මහ‍ර 3
ගැලවුණි මෙතෙක් නැටු හොර නාටකේ තිරේ
මතුවිය පුලුල් සිරුරක් රාමුවෙන් දොරේ
කේළම් අසා ආවේ මෙහි හීන්සැරේ
වෙන කවුරුත් නොවේ වත්තේ පෙරියදොරේ

උපැසට යටින් බලමින් පිරිමැද නිකට
ආරෝවක් නොකොට තම වැදගත් කමට
දිවගෙහි පහස දී තෙවරක් යටි තොලට
ටෝනිට සන් කළා එන්නට වලව්වට

විඳගත් පහස ඉවරයි තොලකට වේලී
ටෝනිගෙ හිසින් විසිවිය ත‍රුකැට පේළී
ඉදිරිය නිනව්වක් නැතියෙකු මෙන් මෑලී
පියමැනි පයින් මඩිමින් මග ගල්කෑලී
.............................................ශාරා

කුමක් පවසම් ද? ලොක්කට වලාමැයි
නැත කිසි සමාවක් මගෙ වැඩ වෙලාවයි
ලබලා තියෙන්නේ සෙනසුරු දසාවයි
සිතමින් ටෝනි යයි දුක රස ගුලාවයි ???

No comments:

Post a Comment