කිත්තම්මහර 4
පිළිගෙන ටෝනි කිසි වෙනසක් නොපෙන්වා
ලොකුතැන සුදුසු අසුනක් ගෙයි පැනෙව්වා
කාපන් මස්මාළු කට ගඳ නොගස්වා
ඔවදන් දිදී ඔහු ආපසු හැරෙව්වා
පසුදා උදේ ටෝනී ඇහැරෙනාකොට
ලිපියක් ලැබී තිබුණා ගෙයි දොරකඩට
පරිපාළන උසස් වීමක් සමග හෙට
යනු වැඩ බාරගෙන මතුගම වතු පෙළට
ලැබී ලිපිය හරියට පෑ බාගෙකින
වාහන දෙකක් ආවා වැනි විදුලියෙන
සබ්බ සකල මනාද අඩු කුඩුම ගෙන
ටෝනි ආයුබෝ කී කිම කරනු වෙන
..........................................ශාරා
කේළම් ගෑණු හිනැහේ හිකිහිකි ගාන
ඔන්න බලාපල්ලා අපෙ අබිමාන
නටන්නට කලින් හිතපිය උඩදාන
වත්තෙ එවුන්ටයි මින්පසු වැඩදාන
ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි. ඔහුගේ අවසරය මත උපුටාගෙන පලකරමි.
No comments:
Post a Comment