කවි කියවන්න ආව අය

Monday, February 22, 2016

කිත්තම්මහර 5

කිත්තම්මහර 5

ඇන්තනීට කැඳවීමක් ලැබුණා හිටිහැටියේ
වලව් පඩිය පාගන විට ලොක්ක හිටියෙ සැටියේ
ඉඳගනින්කො කියල ගිහින් ඇතුළට කඩිමුඩියේ
බොතලයක් දුන්න ඇන්ට ගැහෙද්දි ගිඩිගිඩියේ

දෙකක් දාද්දී ඇහුවා ඈ බං ඇන්තනී
බිව්වට උඹෙ හොර බොරු නෑ මම හොඳටම දනී
හෙට ඉඳලා උඹ වත්තේ ටෝනිගෙ තැන ගනී
අදම වලව්වට එවපං ගෙදර සුරංගනී

හිතුවානම් පස්ස බැලුවේ කොරලාමයි
වත්තේ ඌ නොවේ කොයි ලොක්කත් ඒමයි
කම් සැප සුන්දරයි මිහිරියි අබිමානයි
උල් ඇණ ගොඩෙක ඇවිදින එක අඩමානයි
......................................................ශාරා
මහල්ලෙකු සොරාගති දෙව් දූ පහස
නෙතු රැවටෙනා ලස්සන මෙහි ඇති රහස
පොළොවට දුර නමුත් ඈතින් ඇති අහස
එක්වෙන හැටි බලමු අපි එළඹෙන සවස

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ ගේ නිර්මාණයකි.

No comments:

Post a Comment