කිත්තම්මහර 6
උදයෙම වලව්වට ඇදෙනා සුරංගනී
ආපසු ගෙදර එනවිට රෑ අටත් පනී
ඉස්සර රෝස පාටට හිටි මලක් වැනී
දැන් රත්තරං පාටයි රන් තැඹිලි මෙනී
උනන්දුවෙන් වැඩටික බලනා වත්තේ
දැන් ඇන්තනිත් ඉඳහිට මත්පැන් ගත්තේ
කේලම් ගෑණුන්ට නම් ඉවසුම් නැත්තේ
දේවාලය වැටුණු එක තම හිස මත්තේ
කාලය ගෙවුණි හෝරා කණිසමට හුරු
ඇන්තනි හා ඇයට කොයි කාගෙනුත් ගරු
සැලකිලි ලැබෙද්දී සිදුවිය වැඩක් මරු
කෙරුවත් කාට බෑ දයිවෙට කරනු බොරු
................................................ශාරා
කාටත් සිදු නොවේවා ලොව විපැත්තියක්
ඇන්ටත් හොඳ එකෙක් ඇය දැන් කුලැත්තියක්
මටවත් මේක ගැන නෑ කිසි ගණිච්චියක්
හෙටවත් බලමු වී ඇත අලකළංචියක්
ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි .
No comments:
Post a Comment