කවි කියවන්න ආව අය

Monday, February 22, 2016

කිත්තම්මහර 7

කිත්තම්මහර 7

මුළු වතුකරය ඇවිසුණු කඩි ගුලක් වැනී
ගාල කඩාගත් මිනිසුන් හරක් මෙනී
ගෑණු පිරිමි ළමා ලපටි පිස්සුවෙනී
"අයියෝ ෂාමි" කිය කිය දුව යනා පෙනී

සිහිගන්වමින් තල මත වට බෙලි ගෙඩිය
එක්වෙන පිරිස ඒ පෙරහැරටද වැඩිය
තව ගෑණුන්ගෙ ඉණ වට රැඳි රෙදි පොඩිය
ගැලවී වැටෙති පෙන්නාගෙන කළු කොඩිය

සිද්ධිය ගැන නොදැන කිසිවක් සුරංගනී
ඇයිදැයි ඇසූවා එකියක නවතමිනී
"පෙරියදොරේගේ වයසක ළමාතැනී
ඒල්ලී පරාලෙක සියදිවි නසාගනී"
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,ශාරා

නොදනී වරද දිවි තොරකර ගැනීමට
නැත කිසිවෙකුත් ඇය වෙනුවෙන් හැඬීමට
මොනවා වෙයිද? ඒ ගැන දැන ගැනීමට
පොලිසිය පැමිණෙනා තෙක් වෙයි හිඳීමට !

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි .

No comments:

Post a Comment