කවි කියවන්න ආව අය

Friday, February 26, 2016

කිත්තම්මහර 8

කිත්තම්මහර 8

වැඩිදුර ප්‍රශ්න නැත බලයයි මුදල් ළඟ
එල්ලෙන මිණිය නිළධරයෙකු උඩට නැග
බෑමෙන් පසුව සටහන් ලා පොතක දිග
තීරණෙ දුනිය එල්ලී දිවි නැසුනු වග

වැඩකටයුතු නිමාවෙන් පසු මළගෙදර
සැම පිටවුණා සඟවා දුක මුහුණතර
හැමදේ නිමයි දැන් නිදහස අපි අතර
කීවා පෙරියදොර සිඹිමින් නව සොඳුර

මේ වලව්ව උඹෙයි මගෙයි බාධක නෑ යළී
අද ඉඳලා මෙහේ ඉඳින් මගෙ සුදු කෝමලී
කියා එකින් එක ගලවා ඇඳ සිටි සළු පිලී
සමරන්නට විය නිදහස මෙවුන්දමක වෙලී
......................................................ශාරා
බිරියගෙ මරණෙ සැමියෙකු හට මගුල් ද?
අනියම් සැපත තුළ මොන සිත් තැවුල් ද
අමතක වීය ලන්නට දොර අගුල් ද
සිදු වූ දේ හෙටයි අද ඇයි අවුල් ද ?

........................................ශාරා

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි .

No comments:

Post a Comment