-- කිරි සුවඳ --
එකම වෙනසයි උඹලගෙයි මගෙ පියා උන්නා මා .............. ලඟ
අධම ලෝකය මව් ඇකෙන් වෙන් කරල දැම්මා මහ ........... මග
දිගම සුසුමක් හෙලුනෙ එනිසයි මතක් වීලා ඒ .................... වග
පවම ගෙවනව යලිත් තනිවම කඳුළු හිර කර නෙත් ............. අග
මුවට තන පුඩු ගතට උණුහුම නැතිව ඉන්නැති නිදි .............වරා
දිවට මිහිරක් නොලැබ කොපමණ කලක් හිටියද දුක. ......... දරා
හෙටට බඳුනක් අරන් ඇවිදින් රසට කුස පුරවන ................ තුරා
දැනට හනිකට බීල දාපන් පොළොව ගන්නා පෙර ............. උරා
පියාණන් මගෙ හුරු කළා මට තනිව කට ..............සොලවන්නට
ගියා එදවස දෙපා කකියන තෙක්ම කිරි ..................විකුණන්නට
දයාවක් ඇති මිනිස් හද තුල වරම් නැතිනම් ....................ඉන්නට
කියා දෙන්නේ කවුද උඹලට හම්බකර ගෙන .................කන්නට
මමත් හැදුවා මටත් ඉන්නව උඹල වාගෙම ...................... පුතාලා
අදත් ඇඬුනා උදේ එද්දිත් වෙනස් වී අද ........................... එයාලා
කළත් කොච්චර අගේ නැතිමුත් වේල හරි හැටි ............. සොයාලා
මළත් යුතුකම් කරනවා හැකි ලෙසට සුර පුර .................... මවාලා
ඉඹලමයි පෙර ගියේ සැමදා එද්දි පාරට පැන ......................... එතී
කියලවත් බෑ හදාගන්නට කවුරු හරි ගැන ඇත ..................... සිතී
දුවල ඇවිදින් මගේ සුවඳට තුරුළු වී ලඟ හැර ........................ හතී
උඹලවත් මා එනතුරා මග බලන් හිටියොත් මට .................... ඇතී
--- ශෂික මධුරංග කරුණාරත්න කිවිඳුන්ගේ නිර්මාණයකි. ඔහුගේ අවසරය මත උපුටා පලකරමි . මෙයින් උපුටා ගන්නේ නම් නම් කරුණකර නිර්මාණ කරුගගේ නම සඳහන් කරන්න.
No comments:
Post a Comment