කවි කියවන්න ආව අය

Friday, February 26, 2016

පෙමක මහිම ( සත්‍ය සිදුවීමක් ඇසුරිනි )

පෙමක මහිම

අග නගරය පුරා අහසේ උස මණින
දහයක් මැදුරු ඇත ඇගෙ අත සරු කරන
අක්කර සීයකට වැඩි සරුවට වැවුණ
වත්තක් තිබේ හැම මාසෙම පොල් කැඩෙන

දරුවන් සිව්දෙනෙකි සැමියා ඉහළ පෙළේ
රැකියාවක් කළත් මේ හැම දෙමංසලේ
තනිකර දමා ඇය පැටලී පොලිස් දැළේ
අනියම් පෙමක රහ බැලුවා නිසංසලේ

වයසින් බාල හැඩි දැඩි දෑතට හිරවී
රාගෙන් සලිත වුණ මේ වයසක ගිරවී
දින දින ලැබෙන රති උන්මාදෙන් කොරවී
රැකියාවෙන්ද අස්කර ගති අර මලවී

අනියම් නමුත් දැන් මුන් එක ගෙදර වසයි
අයි පී නිතර බැලුවේ ඇගෙ ගිණුම දෙසයි
තරු ගලවලා ආවෙත් මම ඔයා නිසයි
කිය කිය නිතර මිටි ගණනින් සල්ලි අසයි

රසයට වඩා දැන් මේ කරදරෙන් මිදී
ඉන්නට උපායක් රිය ඇදුරගෙන් යැදී
සගයින් රැළක් මුගෙ නිල් කොල වලට ලැදී
පාළොස් ලක්ෂෙකට මලවිට ගේම ඇදී

මේකා පැහැරගෙන මුන් ගෙල සිර කරලා
සිරුරත් හංගලා ඇඟ උඩ ගල් දමලා
මුද්දත් ගලෝගෙන විත් ඇය ළඟ තියලා
මුදලත් ලබා ගති ඇගෙ සැක බිය නසලා

කෑගලු ඔයෙන් භාගෙට කබරයො කාපු
මතුවිය සිරුර නැත කිසිවෙකු හඳුණාපු
රජයේ වියදමෙන් අවසන අණ දීපු
මිහිදන් වීය අයි පී පෙම් පැණි බීපු

කාලය යද්දී සිතුවත් හැම දේම හරි
අපරාධයක් කෙරුවොත් බේරෙන්න බැරි
සොහොයුරෙකුගේ පැමිණිල්ලෙන් සැකය පිරි
පොලිසියෙ දෑස නැවතුණි ඇය වෙතට හැරි

දෙක තුන වදිද්දී රියදුරු වැමෑරිය
පාතාලයෝ පසු පස යයි හඹා රිය
සිහිකර කරා ගත කළ පෙම් සවාරිය
වැළපෙයි කූඩුවේ බිලියන කුමාරිය
----------------------------ශාරා
සත්‍ය  සිදුවීමක් ඇසුරෙන් ශාන්ත  රාජපක්ෂ කිවිඳුන් ලියූ කවි පෙලකි.

No comments:

Post a Comment