නොමිනිසුන් නොවේවා...
සිතට එකඟව සිතා බැළුමට බොහෝ දේ අද සිදු.............. වෙතී
නෙතට සුව දෙන මලක් පිපුනද යටින් විෂ පිරි කටු............ ඇතී
අතට කළු සල්ලියෙන් පිදුනම වෙන නිසා එයටම............. .ගැතී
කැතට මිස ලස්සනට නොසිටින අරුමෙ කිම අරගෙන........ පැතී.....
බඳින විට ඉනිමගට ටික ටික ඉහළ යන්නට නෙක............... පඩී
වඳින හැටි අමතකද ගුරෙකුට කිසිවකට සිත නැති.............. .දැඩී
සිඳින තරමට ගුරෙකුගේ දිවි ඉපිදමින් පාපය................... වැඩී
හැඳින ගත් විට අවට ලෝකය සිඳිත ඉණිමග ගෙන............. .එඩී....
ලතාවට කිම මුසා බස් අද ගොතන්නේ හර බර............ ..ලෙසින්
කතාවට හරි හපන් අයහට මැවේ බොරු අහසට...............උසින්
සිතා සිට තම හදට සන් කර අසන විට නින්දට...............ගොසින්
ඇතා වටපිට බලා නොම යනු පෙනේ මඟ නිවැරදි............ඇසින්......
උගෙන ශිල්පය ගුරුන් පසු පස ගොසින් තමනගෙ දුක........ කියා
රැඟෙන දැනුමන් ගුරුන් පෙලනා දනන් සම විෂකුරු.......... .නයා
නොගෙන යහපත තමන් හරියයි සිතත හොත් නොම වන......දයා
ඉගෙන ගත් දෙය යාවි ගිලිහී සොබා දම සැම දත්.............. නියා...
අනේ ඇති නම් මොළය කළඳක් උඩඟු නොම වනු කිසි....... .දිනේ
සෙනේ පෑමට කිමද අපහසු සැමට නොම කරමින්............. විනේ
දැනේ නම් තම නියත මරණය කුහක සිත් මතු වන............ තැනේ
වනේ වන හතුරෙකුට වුව දුක නොදී පෑයුතු වෙයි ............සෙනේ.....
පියසේන මුණසිංහ කිවිඳුන් විසින් 13/10/2012 දින ලියන ලද කවි පන්තියකි . මතු සංරක්ෂණය උදෙසා උපුටාගෙන පලකරමි.
නිර්මාණ අයිතිය පියසේන මුණසිංහයන් සතුය.
No comments:
Post a Comment