කවි කියවන්න ආව අය

Saturday, February 27, 2016

දීගය නොවී නම්..!!

෴෴දීගය නොවී නම්....෴෴

දවසක් දෙකක් දුටු නුඹ මගෙ හදට ----------- පැන
කළ හදි සිහි කළෙමි සතුටද දුක ද ------------- ගැන
පසුපස ගියෙමි ලුහුබැඳ නුඹ නොතැන ------ තැන
අවසන මෙමට නතුවිය නුඹෙ සියළු ----------- අණ

දෙගුරුන් සතුට මැද පිවිසුණු මැදුර ------------- තුළ
වසරක් දෙකක් ගෙවුවා මැද සිනහ ------------- විල
අග හිඟ කම් අපට අණ විණ කරන ------------ කල
නුඹ පිට වුණා ගම රට හැර දුකිනි ---------------- දළ

සෙනෙහස පිරුණු පවුලක් දුටු කලෙක -------- මිත
මුමුණන දෙයකි නිතරම මගෙ සැලෙන ------- සිත
සතුටක් කොහිද නුඹ නැති මේ දෙරණ -------- මත
දීගය නොවී නම් අප අද එකට --------------------- ඇත

චතුර විජේකෝන් ..
2014 ඔක්තෝබර් මස 24 වන දින ලියන ලද්දකි. නිර්මාණ අයිතිය චතුර විජේකෝන් කිවිඳුන්  සතුය. ඔහුගේ අවසරය මත සංරක්ෂණය උදෙසා  උපුටාගෙන පල කරන ලද්දකි .

No comments:

Post a Comment