කවි කියවන්න ආව අය

Friday, February 26, 2016

අසංවර ස්ව්‍යංවරය ( සත්‍ය කතාවක් ඇසුරිනි )

අසංවර ස්ව්‍යංවරය

දිවියට එබෙන අගහිඟ කම් හැමදාම
වැඩිවෙයි දිනපතා නැතිකර සැනසීම
හිමිසඳ ලබන සොච්චම් පඩියෙන් කෝම
විසඳනු තබා මිස තොළකට ලෙවකෑම

සුරසැප නොවේ ජීවත්වෙමු හොඳින් සිතා
සැමියා සමග කර කර සමගියෙන් කතා
දූවරු දෙන්නගේ ඉගැනුම දියුණ පතා
මැද පෙරදිගට පියැඹී ගලිගමුවෙ ලතා

රැකියාවකට යන ඔහුගේ මලනුවොද
නැවතී වැඩට යයි අයියගෙ ගෙදර ඉඳ
දූවරු දිවි ගෙවයි මව නැති අඩුව සිඳ
අප්පා බාප්පගෙ නොමසුරු සෙනේ මැද

ටික ටික ගෙදර අගහිඟ අඩුවී යා (ය)
පසෙකින් සෙමෙන් ඉදිවෙයි දෙමහල් පා(ය)
සතුටට නොමැති හින්දා දැන් බඩසා(ය)
අප්පා දිනෙක රෑ මධුවිත තොලගෑ(ය)

මත් රකුසාට මිතුරෙක් විය තනිය සිතේ
කාමය පතිත විය නිදි ලොකු දුවගෙ වතේ
සරණක් නොමැති ගණඳුර පිරි පාළු කෙතේ
එක්විය ලෙයට ලෙය නැතිවද නීති පොතේ

හැම රෑකටම සිදුවිය මෙය පුරුදු ලෙස
දිනයක ගැටුණි මෙය නිදිනැති මලනු ඇස
ඊළඟ දිනේ තොලගා මොහු දරණු විස
කට ගැස්මට ගතිය ඇගෙ නැගණියගෙ මස

අක්කා අඹුව වී ඇත දැන් අප්පාගේ
නංගා පියඹ විය අප්පගෙ මල්ලීගේ
අම්මා ගෙදර එන විට අද හෙට වාගේ
ඇගෙ තනි නොතනියට පිළිසරණද කාගේ
------------------------------------ශාරා
සත්‍ය කතාවක් ඇසුරෙන්  ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි

(යවහන් නොසලකනු මැනවි)

No comments:

Post a Comment