කවි කියවන්න ආව අය

Saturday, February 27, 2016

නොබිඳෙන බැඳුම්...!!

සෙනෙහස නම් විල මතුයෙහි නෙළුමකි නුඹ පිපි
සුරතල් නුඹෙ වින්ද තරම් මතකයි තව අපි
පියෙන් පියට නුඹ යන විට ගිරි පර නොම හැපි
තුටින් ඔද වැඩුනු තරමට නුඹෙ කම්මුල් සිපි

දුවෙක් වුණොත් පිටට කියා කරකාරය ගියා
පුතේ තවම පොඩි දැරියක් මගේ හිතේ ඔයා
කලක් ගියත් දරු සම්පත් ඔබට නැතිය කියා
මවත් මමත් හැඬුව තරම් කුමට මෙතන ලියා

දුන් හැම දායාදය ඉහ මුදුනින් පිළි අරන්
පින් ඇති බෑණනුව මගේ ළඟින් හිටිය තරන්
රන් හදවත් හෙමි හෙමිහිට වෙලා යද්දි පුරන්
සුන් වුණු හැටි නුඹෙ කූඩුව නෙක දුක් ගිණි දරන්

හිටියත් අපි දිවි ගමනේ කොටසක් නිම කර
යෙදුණත් හිත ඇසුරේ භව ගමනේ ඇති දුර
නුඹ ගත් මඟ තිබුණත් දොස හැර නුඹෙ ගේ දොර
මිනිසත් මට දැනුණත් දුක නැත නුඹ මට බර

චතුර විජේකෝන් .

චතුර විජේකෝන් කිවිඳුන් විසින් වසර 2013 දෙසැම්බර් මස 24 වන කරන ලද නිර්මාණයකි. ඔහුගේ මුහුණුපොත් පිටුවෙන් උපුටාගෙන ඔහුගේ  අවසරය මත පල කරන ලදී

No comments:

Post a Comment