සොඳුරු විරාමය
නංගිට බබා ලැබුණෙන් ප්‍රිය බිරිය මගේ
සති දෙකකට ගියා සහයට ලඟට ඇගේ
පාළුව කාංසිය හිමිදිරි උදෙත් නැගේ
තනියම තේ හදන් බොන්නට වුණා වගේ
සති දෙකකට ගියා සහයට ලඟට ඇගේ
පාළුව කාංසිය හිමිදිරි උදෙත් නැගේ
තනියම තේ හදන් බොන්නට වුණා වගේ
කළ විට සීනි බඳුනේ මූඩිය විවර
කොළයක් දුටිමි මතකයි ඇගෙ අත් අකුර
මම හරි ආදරෙයි වස්තුව පැණි පොකුර
ලියලා තිබුණි පැන්සලකින් මගෙ සොඳුර
කොළයක් දුටිමි මතකයි ඇගෙ අත් අකුර
මම හරි ආදරෙයි වස්තුව පැණි පොකුර
ලියලා තිබුණි පැන්සලකින් මගෙ සොඳුර
ඇර තේ පොච්චිය බැලුවිට තිබුණි ලියා
පාළුයි වස්තුවේ මට මෙහෙ නැතුව ඔයා
ප්‍රිජ් එක ගෙදර බෝ තැන් ඇස ගැටෙන නියා
අලවා තිබුණි මුදු ආදර වදන් එයා
පාළුයි වස්තුවේ මට මෙහෙ නැතුව ඔයා
ප්‍රිජ් එක ගෙදර බෝ තැන් ඇස ගැටෙන නියා
අලවා තිබුණි මුදු ආදර වදන් එයා
හිමි ගැන නිතර සොයනා බිරිඳක් මෙවැනි
ලද මා වෙයිද මේ ලොව කෙනෙකුට දෙවැනි
සිටි විට ඇගේ ගුණ වයමින් හද තුළිනි
ඇය ගැන අසීමිත ආලෙන් හිත පිරුණි
ලද මා වෙයිද මේ ලොව කෙනෙකුට දෙවැනි
සිටි විට ඇගේ ගුණ වයමින් හද තුළිනි
ඇය ගැන අසීමිත ආලෙන් හිත පිරුණි
දින පහ ගෙවී අවසන වැඩ නැති ශනිදා
දහවල් දවස ගත කර ඇද උඩම නිදා
මිතුරන් දෙදනෙකුට ඇමතුම් දෙකක් යොදා
නා ගත්තෙමි හවස සාදය හිතින් බදා
දහවල් දවස ගත කර ඇද උඩම නිදා
මිතුරන් දෙදනෙකුට ඇමතුම් දෙකක් යොදා
නා ගත්තෙමි හවස සාදය හිතින් බදා
උරුවම් බබා ඇර අල්මාරියෙ පියන
ඇඳුමක් සොයා ගත්තෙමි ඇය මැද තිබුණ
"මා නැති අතර තෝ මූසල ගල් බමුණ"
"බොන්ඩද? යන්නෙ" කොළයක අමුණා තිබින
------------------------------------------ශාරා
ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ කවි පන්තියකි. ඔහුගේ අවසරය මත උපුටා පලකරන ලද්දකි.
ඇඳුමක් සොයා ගත්තෙමි ඇය මැද තිබුණ
"මා නැති අතර තෝ මූසල ගල් බමුණ"
"බොන්ඩද? යන්නෙ" කොළයක අමුණා තිබින
------------------------------------------ශාරා
ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ කවි පන්තියකි. ඔහුගේ අවසරය මත උපුටා පලකරන ලද්දකි.
No comments:
Post a Comment