කවි කියවන්න ආව අය

Thursday, February 11, 2016

ෆුල් ඔප්ෂන්

ෆුල් ඔප්ෂන්
මව් පියො දෙදෙනාම මියගිය කුඩා කල
දරුවෙකි වැඩුණු තම මාමගෙ සෙවන තුළ
කරඳඩු මහත් වී අවසන උසස් පෙළ
රැකියාවකට ගියෙ බෝඩිම කදුරුවෙල
රිසිසේ බුක්ති විඳ නිදහස ලැබුණ මෙසේ
රැකියාවද කරයි තනිකඩ නමුදු කෙසේ
ටික ටික නැගෙන විට හිත යට තරුණ විසේ
කෙල්ලක සොයාගති ඉරුමට ප්‍රේම රසේ
ටික දිනකට පසුව දෙදෙනා දැන හැඳින
යුග දිවියටම යන්නට කටයුතු යෙදින
යුතුකම පරිදි මාමා හමුවී මෙදින
ගන්නට අනුමැතිය ගමරට යයි දෙදෙන
දුටු මනතින්ම මාමා ඇස් උඩ හිඳුවා
කෙල්ලගෙ හිසේ සිට පාදා තෙක් බැලුවා
සන්කර අතින් කැඳවා පසෙකට කොලුවා
රහසින් නමුත් කෝපෙන් මේ ලෙස ඇසුවා
කොයි ලෝකෙන්ද මේ දරහැව ගත්තෙ හොයා
දත් ඇඳි කෙහෙල් ඇවරිය වැනි පිටට අයා
වපරය මෙනිය දකුණැස බොම්බායෙ තියා
බලපිය ගොනෝ වමැ,සින් කල්කටා ගියා
බෙරි තොල යටින් තැන තැන රැවුලත් ඇදිලා
බොල කිරි ගොටුත් පපුවේ හමටම ඇලිලා
කියපිය ගොනෝ තොට ඔල්මාදෙද කියලා
මේ වගේ එකක් බැඳගන්නට අමු කැවිලා
ඉවසා බැරිම තැන කොළුවා මෙසේ කියයි
මා කොහොමටත් ෆුල් ඔප්ෂන් වලට බරයි
මාමා මෙතන හොර රහසේ කතා කරයි
"පියසීලිගේ කන් දෙක ඇහෙනවත් හොරයි"
-------------------------------------ශාරා

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ කවි පන්තියකි. ඔහුගේ  අවසරය මත උපුටා පලකරන ලද්දකි.

No comments:

Post a Comment