-සෙලින්කෝ ගමන
සෝපානයක් සහිතව ගොඩනගාපූ
දාහතරක් මහල් උස්කොට තනාපූ
එදවස එකම බිල්ඩිම යයි කියාපූ
මැදුරයි සෙලින්කෝ ලක නම් දරාපූ
දාහතරක් මහල් උස්කොට තනාපූ
එදවස එකම බිල්ඩිම යයි කියාපූ
මැදුරයි සෙලින්කෝ ලක නම් දරාපූ
පාසැල මගින් නරඹන්නට මේ මැදුර
දවසක් උදාවිය සිසු සිසුවියො අතර
ඒ ගමනින්ම පාගන්නට රළ පතර
සැලසුම් කළ පිනා හට දුනි පින නිතර
දවසක් උදාවිය සිසු සිසුවියො අතර
ඒ ගමනින්ම පාගන්නට රළ පතර
සැලසුම් කළ පිනා හට දුනි පින නිතර
කිය කිය බස් එකේ ප්‍රිය කළ ගී සින්දූ
වැදි වැදි ඇඟේ මිරිකා සිසුවියො බන්ධූ
හප හප වෙරළු අච්චාරුද කෙළ කැන්දූ
විඳි අම රසය ගැන මතකයෙ ඇත බින්දූ
වැදි වැදි ඇඟේ මිරිකා සිසුවියො බන්ධූ
හප හප වෙරළු අච්චාරුද කෙළ කැන්දූ
විඳි අම රසය ගැන මතකයෙ ඇත බින්දූ
සාදා රෝල් කර කොපි කොළ සුරුට්ටුව
ඈඳා ලියා නම කෙලි කොලු පූට්ටුව
විද්දට දබරැඟිලි ඇද පෙම් රොකට්ටුව
ටීචගෙ ගණිත සිඹි වැටකොළු මූට්ටුව
ඈඳා ලියා නම කෙලි කොලු පූට්ටුව
විද්දට දබරැඟිලි ඇද පෙම් රොකට්ටුව
ටීචගෙ ගණිත සිඹි වැටකොළු මූට්ටුව
මේ මැද වෑඳපුදා කැළණියෙ මහ වෙහෙර
ආවෙමු සෙලින්කෝවට දහයට විතර
සංවර ලෙසට පෝලිං කොට හය හතර
නැගුණා නැරඹුමට මේ මහ උස මැදුර
ආවෙමු සෙලින්කෝවට දහයට විතර
සංවර ලෙසට පෝලිං කොට හය හතර
නැගුණා නැරඹුමට මේ මහ උස මැදුර
විඳ විඳ විදුලි සෝපානයෙ ඇති අරුම
නැග උඩු මහලෙ බැල්කනියට වී පුදුම
උඩ සිට පහළ දැක ඇතිවී කරකැවුම
හැදුණා පිනා හට ඉස්සර තිබි ඇදුම
නැග උඩු මහලෙ බැල්කනියට වී පුදුම
උඩ සිට පහළ දැක ඇතිවී කරකැවුම
හැදුණා පිනා හට ඉස්සර තිබි ඇදුම
නරඹා එද්දි සෝපානයෙ යළි පහළ
ඇතිවී යමක් මට දැන ගැනුමේ කුහුල
උඩ පැන්නාය ලිප්ට් එක ඇතුළෙම ඉහල
අදහස හරිය මගෙ විදු නුවණැසෙ දිදුල
ඇතිවී යමක් මට දැන ගැනුමේ කුහුල
උඩ පැන්නාය ලිප්ට් එක ඇතුළෙම ඉහල
අදහස හරිය මගෙ විදු නුවණැසෙ දිදුල
උඩ පැනි පිම්ම මම යළි පහළට එද්දී
සෝපානයද එකලෙස එයටම ඇද්දී
යනවා පහළ පා අහසෙම මෙනි ඉර්දී
නතරවු විටයි පය බිම ඇනුණේ පැද්දී
සෝපානයද එකලෙස එයටම ඇද්දී
යනවා පහළ පා අහසෙම මෙනි ඉර්දී
නතරවු විටයි පය බිම ඇනුණේ පැද්දී
පැන්නා ලෙස දැනුණි මැදුරෙන් උඩු මාලේ
විදු නැණ නුවණ ඇස පැටළුණි පඹ ගාලේ
බිඳිලා වැටුණු පාරට දණඉස් බෝලේ
නැවතුණි සති දෙකක් මහ ඉස්පිරිතාලේ
---------------------------------ශාරා
ශාන්ත රාජපක්ෂ කිවිඳුන් 9/12/2012 දින ලියන ලද කවි පන්තියකි. ඔහුගේ අවසරය මත උපුටා පලකරන ලදී..
විදු නැණ නුවණ ඇස පැටළුණි පඹ ගාලේ
බිඳිලා වැටුණු පාරට දණඉස් බෝලේ
නැවතුණි සති දෙකක් මහ ඉස්පිරිතාලේ
---------------------------------ශාරා
ශාන්ත රාජපක්ෂ කිවිඳුන් 9/12/2012 දින ලියන ලද කවි පන්තියකි. ඔහුගේ අවසරය මත උපුටා පලකරන ලදී..
No comments:
Post a Comment