කවි කියවන්න ආව අය

Monday, February 29, 2016

මේ හරි පාරද ??


මේ හරි පාරද..??

නිවැරදි ලෙස ධර්මය ගති නම් කෙනෙකුන් සිතට
ඔහු බුදුහිමියන් දකීවි ඉන් නිවැරදි ලෙසට
නිර්මල බුදු බණ දර්ශනයකි වැඩි ආගමට
ඔළු ගෙඩි විතරක් වදලා කුමටද බොදු නමට..?

බේරුවල ඉඳන් හිටගෙන කළුතර බෝධියට
සීට් එකක් නැති සීයා නොපෙනුණෙ නිදි මතට
හිමියන් බෝ මැඩ හැර පිට දී නම් පොල් රුකට
උන් සේරම කොළඹ ඉඳන් හිටගෙන මාතරට..!

බුදු හිමියන් කරුණාවයි මේ හැම තුන් ලොවට
ඒ වගේද දෙවියන් ලනු හොඳ නෑ කෝපයට
බෙලිගෙඩි අඹ පත්තක්කා මොනරා ඒ උඩට
ඉතුරු උණොත් වැඳ ගෙන යමු මල් අපි දා ගැබට...!

ගමේ පංසලක් ඇති බව වත් නොදන්න උන්ට
රහත් වෙන්න කෙටි ක්‍රමයකි දිව යයි දඹදිවට
විහාරයේ හාමුදුරුවො වැඩියා මරණයට
ටී වි එකේ බණ කියනා හිමියන් දානයට...!

දන්න දවසෙ ඉඳන් ටිකට් පංසලෙ පිං කමට
ඇතුළට යන විටම කඩයි මැරුණ උන්ගෙ නමට..
සෝපාකල රහත් උණේ ඒ කාලෙම පිනට
විසි තිස් දාහයි හිමියනි දැන්නම් බණ පැයට.....!

සම්පත් කුරුප්පආරච්චි (Real machan ) කිවිඳුන්  14 May 2013 වන දින ඔහුගේ මුහුණුපොතට එකතු කළ නිර්මාණයකි .

No comments:

Post a Comment