කවි කියවන්න ආව අය

Monday, February 29, 2016

තාත්තාව ගෙනත් දෙන්න ...

***කාට කාට හැකිදෝ මගෙ තාත්තාව
ගෙනත් දෙන්න***

ගාට ගාට දුවගෙන විත් පපුතුරෙහී තුරුළු වෙන්න
රෑට රෑට සඳ වට ඇති තරු දිහාව බලන් ඉන්න
පාට පාට දේදුන්නක වාඩි වෙලා ඉඳල එන්න
කාට කාට හැකිදෝ මගෙ තාත්තාව ගෙනත් දෙන්න

දිවිය ලොවේ අම්ම එක්ක ඉන්නව අපි දෙස බලාන
සවිය වෙලා අප සිත් තුළ සිටි හැටි මතකයි වෙලාන
අවිය කරන් දාරක පෙම යහ මඟ යැව් හද සලාන
කවිය නිසා හදවතෙ ගිනි මඳක් සිසිල් වෙයි ගලාන

දියණියකගෙ සිතේ ඉන්න උත්තම පුරුෂයයි පියා
පියතුමෙකුගෙ ආදර ලොව කිරුළ දරන රැජිණ එයා
හදවතෙ මගෙ හිත පතුලේ නො පෙනෙන ලෙස සඟව තියා
සෙනෙහස් ගඟෙ අගය කියා හදවත් තුල රැඳී ගියා

අම රස ලේ කිරි නැතුවට හිත අද්දර සදා උන්න
නිම නොවෙනා ආදරයේ වීරය ඔහු බවම දන්න
සම නොකැලැකි ඒ සෙනෙහේ කොටසක් බව පෙන්ව දෙන්න
සැම දෙනාම පිය සෙනෙහස අගයන්නට හිතට ගන්න

මාරි භාග්‍යා ප්‍රනාන්දු කිවිඳිය ගේ නිර්මාණයකි.  21/02/2015. උපුටාගෙන පලකරන ලද්දකි .

No comments:

Post a Comment