කවි කියවන්න ආව අය

Saturday, February 27, 2016

ගෙලේ බැන්ද මාලෙ පවා ඉමිටේසොං වෙච්චී...

ගෙලේ බැන්ද මාලෙ පවා ඉමිටේසොං වෙච්චී
===========================
දෙමාපියන් කියන නිසා බඳින්ට සිදු .....වෙච්චී
රස්සාවක් හොයපු කකුල් පාරට දිය .....වෙච්චී
උකස් තියන්ටත් කිසිවක් නැත අප සතු වෙච්චී
ගෙලේ බැන්ද මාලෙ පවා ඉමිටේසොං ..වෙච්චී

නිකමා කියලා නමකුත් මා හට ............පබැඳිච්චී
මොකටද හිතෙනව' ඉඳලා නැතුව අතේ ......පිච්චී
දෙයියො බලන්නෙත් නෑ මට කඳුළ උරුම වෙච්චී
හීතල කාමර පතමින් උන්නෙ පිච්චි ...........පිච්චී

එහා ගෙදර කූඩු හදපු සුන්දර .............දෙමළිච්චී
හම්බකරයි වෙසක් එකට ඔක්කොම ....විකිණිච්චී
ඇගෙ සැමියා බාස් කෙනෙක් අත මිට .සරු වෙච්චී
ඉඳ හිට ගෙනනවා ඇයට ලස්සන ........රෙදි කච්චී

නිකම' උනත් මහත්තයා වගෙ කල් ගත ...වෙච්චී
බිරිඳගෙ ආදරයත් දැන් ටික ටික අඩු .......වෙච්චී
විසිකරලා සහතික ටික හැමට එපා .........වෙච්චී
මහත්තයා ගෝලයා ය බාස් ගෙ සරු .......වෙච්චී

චතුර විජේකෝන් කිවිඳුන්ගේ නිර්මාණයකි .. ඔහුගේ අවසරය මත උපුටාගෙන පලකරමි . නිර්මාණ අයිතිය චතුර විජේකෝන් කිවිඳුන් සතුබව කරුණාවෙන් සලකන්න..

No comments:

Post a Comment