දෙපා නැති දරුවා ළඟට ගොස් විස්තර අසන අයෙකුට දරුවා කියන කතාව.
--- මුසාවක් නොව ---
නිදා ගත්තා ඇතිය හොඳටම කියන මේ අවසාන ............... වාරේ
හදා දුන් තේ හනික බීපං ඇසෙයි ඇයගේ................... දෝංකාරේ
වදා මේ ලොව ජනිත කෙරුවත් ඉවර වී ඇත තිබුණු........... සාරේ
උදා හිරු පිබිදෙන්නටත් පෙර ගිහින් තබනව පුරුදු .............පාරේ
මවා බොරුවක් කියන්නේ නෑ පේනවානේ කරපු .............. පාපේ
දවා හදවත පිච්චිලා යයි දකිද්දී වෙන අයගෙ ..................... රූපේ
වවා කන්නට බෑ තමයි මට ඉපදුනත් මේ උතුම් .................. දීපේ
රවා යන එන අයට කිසිවිට වදින්නට නම් එපා ................. සාපේ
උලාගෙන යන උඹේ පස්සට නිතර කලිසමෙ අන්ඩ ........... ආවේ
එලා කොලයක් ඔතන ඉඳපන් එහෙම වෙන්නැති බවයි ....... කීවේ
මලානිකවම වගේ මේකයි තවම නෑ දවසටම ..................... කෑවේ
බලා උන්නට මොකද මන්දා අරන් බත් මුල අම්ම .............. නාවේ
දසා හොඳ නැති වුනත් දිවියේ ළඟට ඇවිදින්................. දුප්පතාගේ
අසා විස්තර ගෙනත් දුන් බොරු කකුල් ඇතිමුත් නොදයි .......මාගේ
මුසාවක් නොව හිටිය නම් සළකනව කියනව හිමිය .............. ඈගේ
උසාවිය වෙත නිතර යනවලු ඔහුගෙ නැතිවී අනෙක් .............. දීගේ
සොයා සල්ලිය වැඩක් නෑ මට දැනෙන දුක් ඉවසන්න ......... බෑනේ
කියා ගන්නට බැරිව ගොලු වෙන වදන් එළියට එන්නෙ ...... නෑනේ
තියා ඇලයට වගේ නොන්ඩිව යන්න බැරිනම් පේන ........... මානේ
ඔයා ඉඳි කටු වලින්වත් ඇන මගෙ දෙනෙත් අඳ....... කරන්නෝනේ
--- ශෂික මධුරංග කරුණාරත්න ---
No comments:
Post a Comment