අවසන් බුහුමන (the last respect)
මළ හිරු බසින රත් පැහැ හැන්දෑ වරුව
වෙහෙසුණ මුහුණු මුළු යම් රෑ නිදි වැරුව
ශෝකෙන් බරිත දෙකොපුල් කඳුළැලි ඉරුව
ඔබ හැරයන්න සැරසෙයි ඉවසනු බැරුව
වෙහෙසුණ මුහුණු මුළු යම් රෑ නිදි වැරුව
ශෝකෙන් බරිත දෙකොපුල් කඳුළැලි ඉරුව
ඔබ හැරයන්න සැරසෙයි ඉවසනු බැරුව
අවසන් බුහුමණට පෙට්ටියෙ පියන් පත
විවරව තිබේ සොහොනෙහි ගල් බංකු මත
නෙත පිය නගයි නලළත මුත් දෙපා, සිත
කඳුළැල්ලට බයේ පොළවට ඇලී ඇත
විවරව තිබේ සොහොනෙහි ගල් බංකු මත
නෙත පිය නගයි නලළත මුත් දෙපා, සිත
කඳුළැල්ලට බයේ පොළවට ඇලී ඇත
පිනිදිය ඉසෙන ඔබෙ සිරුරෙහි පහස සොයා
ගැඹුරට කැපූ වල ඇත තම දෙනෙත අයා
දැන් දැන් වැසෙන පෙට්ටිය තුළ සිටින ඔයා
මම ගොළු හදින් සිපගත්තෙමි දෙතොල තියා
ගැඹුරට කැපූ වල ඇත තම දෙනෙත අයා
දැන් දැන් වැසෙන පෙට්ටිය තුළ සිටින ඔයා
මම ගොළු හදින් සිපගත්තෙමි දෙතොල තියා
දෙපසින් ලණු දමා ඔබෙ සියුමැළි සිරුර
වල වෙත බාද්දී මිට රැඳි පස් අහුර
දෙක තුන විසි කළත් වටකොට සිටි පවුර
මම විසි කළෙමි ඉවතට මට බෑ සොඳුර
දෙක තුන විසි කළත් වටකොට සිටි පවුර
මම විසි කළෙමි ඉවතට මට බෑ සොඳුර
සැනෙකින් ඉටු කළා මෙහෙවර උදළු තල
පොල්මල් ගොබළු ගෙඩි දැල්වෙන පහන් සිල
දෙපසින් තැබී නෑදැයන් ගැසී පෙළ
මුදුණත එකතු කළ ඔබෙ නිදි යහන මුළ
පොල්මල් ගොබළු ගෙඩි දැල්වෙන පහන් සිල
දෙපසින් තැබී නෑදැයන් ගැසී පෙළ
මුදුණත එකතු කළ ඔබෙ නිදි යහන මුළ
ඔබ මිය ගියත් මට ආදරෙ බව දනිමි
එලෙසම මමත් ඒ බැව් නොලසා කියමි
අත්වේවා ! නිවන් සුව කඳුළින් ලියමි
එහෙනම් "ප්‍රථම ප්‍රේමියෙ" මම සමු ගනිමි
--------------------------------------ශාරා
ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ කවි පන්තියකි ඔහුගේ අවසරය මත උපුටා දක්වමි..
එලෙසම මමත් ඒ බැව් නොලසා කියමි
අත්වේවා ! නිවන් සුව කඳුළින් ලියමි
එහෙනම් "ප්‍රථම ප්‍රේමියෙ" මම සමු ගනිමි
--------------------------------------ශාරා
ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ කවි පන්තියකි ඔහුගේ අවසරය මත උපුටා දක්වමි..
No comments:
Post a Comment