කවි කියවන්න ආව අය

Saturday, March 12, 2016

මාර්තු අට...!!

***මාර්තු අට***
සුවඳ නොගිය මල් කැකුළුත් පරවෙනවා
නිබඳ පිපෙන පුංචි කැකුළු විකිණෙනවා
අයැද නිලියො ගණිකාවන් වපුරනවා
කිමද අනේ ලක් නාමය වැනසෙනවා

වැදූ මවව කෙළෙසන යුරු අප ඇසුවා
හැදූ පියා දියණිය කෙළෙසා දැමුවා
පිදූ දිවිය නොරටක හිංසා ලැබුවා
රැඳූ සෙනෙහෙ හට පිහිටක් නම් නැතුවා

දිනුම සොයා රුපියල් සත මත හිඳලා
මවම දියණි විකුණා වත්කම සොයලා
දිවිම උගස් කරගෙන හෙට දින දිනලා
රටම අගාධයකට අද ඇත වැටිලා

සවන පුරා බේගල් පොදි ඇත දෙසලා
දුවන දිවියෙ හිමිකම් ගැන කෑ ගසලා
දැවෙන හිතම දැවි දැවි එතැනම තියලා
පවනෙ එතිල මාර්තු අට යයි හමලා

මාරි භාග්‍යා ප්‍රනාන්දු කිවිඳියගේ නිර්මාණයකි
08/03/2016

No comments:

Post a Comment