Piumi Ruwanthika
27 November 2012
..
ගසක මහිම
සූටික්කෝ මොකද හොරෝ ඔච්චර කලබල
මල් පොකුරෙම රස එක පොදියට උරනා කල
පැණි පිරිච්ච රත්මල් මුව රතු වන සැටි බල
උඹට ඉතින් සතුටුයි බඩ පිරෙනව නොවැ බොල
රවටාලා මල් අතු අග ඉඳ ගීයක් ගයා
ඇහැරුණු මල් සිප හනිකට පැණි ටික ගෙන ගියා
පෙර දින ඔබ රොන් ගත් මල් මිලිනව ඇති නියා
දැක දැක ඔබ ඉගිලුනෙ බැල්මක්වත් නොම තියා
හැමදාමත් මල් පූදන ගස ඇයි නිසසල
මෙය දහමක්දැයි හැගුනාදෝ අප ලොව තුළ
මලට හදිය කළ සූටික්කාටත් පා ලොල
ඔහුට කැදලි තනනට දෙනවා අතු ඉති කොළ
පියුමි රුවන්තිකා කිවිඳියගේ නිර්මාණයකි .
No comments:
Post a Comment