තරිඳු ලක්ෂාන් යූ. ගණිහිආරච්චි
20 February at 20:55
කොහොමද තාත්තේ ඔබ නොමැතිව ඉන්නේ...
________________________________________________
දෙදහස් දොළහ මාසය එය උනේ..................හත
පහළොස් වෙනිද තවමත් මතකයේ...............ඇත
ඔබ වෙත තවත් සැලුමට නෙත් කඳුලු...........නැත
එය සීනයක් දෝ විමසයි තවම......................සිත
මතකෙට නැගෙයි පහුගිය තුන්...............අවුරුද්ද
ඔබ නැති ගෙදර අමු සොහොනකි නැති.........සද්ද
දෙව්ලොව හිඳන් ඔබ අපදෙස..............බැලුවෙද්ද
අපි තුන්දෙනා ගැන දුක හිතුනෙම...............නැද්ද
ඔබෙ මුව අගින් ගිලිහුනු ඒ සිනා...................මල
පිළිකා මාරයා බොරකල දිවියෙ....................විල
ඔබ නැති අඩුව මටකල නොම හැකියි............මිල
ඔබ පණ පිටිනි තවමත් මා හදෙහි.................තුල
බොහො දුක් සුසුම් උපදියි හදවතෙහි..........ගැබේ
කඳුලුත් පිරෙයි ඔබ සිහිවන විටදි................ඉබේ
ඇඳි සිතුවමකි පියතුම හද ඇතුළු................ගැබේ
රුව නැති නමුදු ඔබෙ මතකය සිතෙහි.........තිබේ
හිරු දෙස බැලිමි මට ඔබවයි.............සිහිවන්නේ
සඳ දෙස බලමි ඔබෙ රුවමයි............මතුවන්නේ
නිරතුරු ඔබේ හඬ සවනත රැව්.............දෙන්නේ
ඔබ නැති නිසයි හදවත මගෙ.........වැළපෙන්නේ
මල්ලියි මමයි අම්මයි තනියම...............ඉන්නේ
ඔබ නැති දුකිනි තවමත් කඳුලැලි........බොන්නේ
කෙලෙසද තාත්තේ මේ දුක.............ඉවසන්නේ
ඔබ ආයෙත් අනේ අපි ළඟටම..............එන්නේ
~ජී.ඒ.තරිඳු ලක්ෂාන් යූ. ගණිහිආරච්චි~
-2016.02.20-
No comments:
Post a Comment