කවි කියවන්න ආව අය

Friday, March 11, 2016

සඳ සාක්කි...!!!

Veenavi Sulakkana
22 June 2012

සඳ සාක්කි.....
--------------------------
කඳුළු බිදු වැහි කෝඩයක් වී කොලොම් පුරයම තෙමාවී
මගෙ සුසුම් මද ආරුතය වී ඔබේ වත සිප හමාවී
මගේ දුක් ගී ගිරා කොවුලන් නුඹෙ සවන් ළඟ ගයාවී
සකි සඳුනි නුඹ නොමැති යහනේ කඳුළ මගෙ තනි මකාවී

රෑට මග දිග පිපෙනවාදෝ හිමියනී කඩුපුල් කුසුම්
පාට සමනළ තටු වගේදෝ පෙති මතින් වෑහෙන කැළුම්
දාට තනිකම ළයේ ඇහිරෙන ඉහිරවා මල් මත හැඟුම්
කාට වුව තනි මකන කඩුපුල් ලඟ ද රැය සඳුගෙ රැඟුම්

සිතේ හිමියනි කවුළු හැර දා විදින්නට සද කැළුම් දහරක්
ගතේ තැවරෙන මදනලින් අයදින්න අනුරා සිහිල් පහසක්
නෙතේ දැවටෙන සොඳුරු සිහිනෙක දැවේ නොනිවෙන පුලිඟු කිහිරක්
නැතේ හිමියනි කරන්නේ මා නුඹට සැහැසිව කිසිත් හිතුවක්

වීනාවි සුලඛ්කනා කිවිඳියගේ නිර්මාණයකි .

No comments:

Post a Comment