කවි කියවන්න ආව අය

Friday, March 11, 2016

වැන්ද ඇති ගෙදර යං අම්මේ....

Real Machan සම්පත් කුරුප්පුආරච්චි

29 October 2012

වැන්ද ඇති ඉක්මන්ට ගෙදර යං අම්මෙ....

සල් ගස් සුළං අවිදින් බඳ කරකැවෙන
පුල් ඇස් බලං හිටියේ පුන්සඳ උවන
තෙල් හිස් පහං ළඟ ඈ දෑ තින් හැලෙන
මල් වැස්සකින් බිඳුණා අම්මේ දැහැන..

නුවනට වඩා හුරතල් දෑඟිලි සැලෙන
අඟලට වඩා දිග අති සායද වැනෙන
මකරට පවා කෙළ හැලිලා යට තොරන
කැටයට ඇරුණු කට පාටක් නැත වැහෙන

වැලි මලු දිගේ ඈ පා සටහන් ඇන්ද
‍රැලි පෙරළුවා මගෙ හිත බොරුවට වැන්ද
ගුලි වී හොරෙන් එබෙනා හංසයො වින්ද
විලි සංගයක් ඇති මට නැති හැටි නින්ද..

නච්ඡද ගීත වාදිත දස්සන මාලා
කොච්චර අපූරුද හැට්ටයෙ අත් කපලා
අච්චර වැස්සෙ හිමි හිස සිටි සෙවණ වෙලා
පච්චය අතේ නා රජිඳුන් මතක් කළා

තුසිතද තව්තිසා සහ තව ඒ වගෙ උන්නේ
අඟනුද මෙහෙණ දැන් උන් සේරම ඉන්නේ
පුන්සඳ තාම බෝ ගහ උඩ කැරකෙන්නේ
කොහොමද අම්මේ හිතකින් නිවනට යන්නේ...?

සම්පත් කුරුප්පුආරච්චි කිවිඳුන්ගේ නිර්මාණයකි.

No comments:

Post a Comment