කවි කියවන්න ආව අය

Wednesday, March 9, 2016

අපේ ලෝකය...!!

~ අපේ ලෝකය ~
.
දන්නෙ...… නෑ අප්පච්චි පුතුනේ කෙලෙස වින්දද මේ ...................දුක
ඉන්නෙ..... කොහොමද දකින්නැතුවම එයම මයි මටනම්............ සැක
යන්නෙ..... කොහොමද වැදුවෙ මා නුඹ ගන්නමයි පන මෙන් .......රැක
දෙන්නෙ.... නෑ රත්තරන් පුතුනේ දුකක් නම් දැනෙනට ............නෙක...

.
වත්තෙ..... උන්ගේ කතා වල කුසුකුසුවෙ ලද ගැරහුම............... මිසක්
දත්තෙ...... මා පමණකිය වැදු හැටි දරාගෙන කුස දස ................මසක්
ඉත්තෙ..... මල් වෙන් වන්නෙ නෑ නිසි කලට නැතිනම් වෙන .දොසක්
නැත්තෙ... දුක සැප බෙදා ගන්නට පියෙකුගේ සෙනෙහස......... රසක්...

.
රෑට...........සීතල නවත්තන්නට තුරුළ දෙන්නට නෑ ................ඉඩක්
ලාට........ රට හැදු කසී සලුපිලි අපට පුතුනේ නැහැ................ හැඩක්
පාට........ ලස්සන නේක කෙළිබඩු වලින් අප හට නැහැ .........වැඩක්
රෑට......... කන්නට සොච්චමක් ඇත ගන්න බත් මුලකින්......... පිඩක්...

.
නිදන්නට. ලස්සනට නැලවෙන තොටිලි දෙන්නට මට............. නැතී
දොවන්නට මගෙ තනේ කිරි මිස රටින් ගත් කිරි පිටි .................නැතී
අහන්නට..මහපාරෙ ඝෝෂා මිසක් නැළවිලි ගී ......................... නැතී
හිඟන්නිට මේ මදුරු දැල හැර දෙන්ට කිසිවක් ලඟ................... නැතී...

.
සුවඳ..... හමනා පුයර නැත ලඟ වැස්සටයි මුව ............තෙමෙන්නේ
විලඳ..... මී පැණි නොමැත මා ලඟ පමණි තන කිරි...... තියෙන්නේ
ඇවිද..... ගන්නට වාරු නැතිවිට කරත්තෙයි දුක ..............දරන්නේ
නොලද. දේවල් වලට පුතුනේ කුමට බොරුවට ..............අඬන්නේ...

මහේන්ද්‍ර සූරියආරච් කිවිඳුන්ගේ නිර්මාණයකි
2016 ජනවාරි මස 9 වන දින.

No comments:

Post a Comment