කවි කියවන්න ආව අය

Wednesday, March 9, 2016

නාරි ප්‍රතිමාවට පෙම් බැඳි තනිකඩයා ..!!

නාරි ප්‍රතිමාවක් සහ තනිකඩයෙක්......

මගෙ කුටියට පෙනෙන ලෙස ගේ උයන්........................කොනේ
හැම දා මත් සිටිය - මට ලැබ දෙමින්..............................සෙනේ
මගෙ පෙම්වතිය නැහැ - ඇය ඒ සිටිය..............................තැනේ
දෙවියනි කියනු මැන ඇය හට මොකද..............................වුනේ...?

තදට ම වහින පායන කාලෙදි ද........................................එයා
සිටියේ ගෙ-උයනේ මයි කිසි තැනක..............................නොයා
නිවසේ මා නොමැති පැය කීපයක්..................................සොයා
මෙහි ආ සොරෙකු ඇය කොහි හෝ රැගෙන........................ගියා..!

ඇය මෙහි පැමිණ ගත වුන වස.....................................පුරාවට
ගොස් නැත මෙතෙක් මගෙ නෙතු මානයෙන්........................පිට
පවසා නැතත් මට වදනින් කතා.....................................කොට
ඉඳුරා දනිමි මම - ඇය පෙම් කලා.....................................මට

වන මල් ඔටුන්නකි පළඳින සිරස .....................................මත
මන මත් කරන බැල්මකි නිති රැඳුන................................නෙත
වරළස මුදා හල - දඟ යුග තෙක්ම....................................ඇත
සැරසී තිබුණි සුසිනිඳු සලුවකින්.............. ..........................ගත

සුරතේ පැසකි - එහි වේ ඇය නෙළුව.................................පළ
පෙන්වයි සිතේ තුට දකුණත විදා.......................................හළ
ගත ඇඳි දුහුල් සලුවෙන් ලැම පෙනෙන..............................කළ
නැග එයි සිතක් තුල අනුරාගයෙහි......................................රළ

හැඩ පුලුළුකුල සහ ගානට සිහින්......................................ඉඟ
පිරි දඟ යුගල නෙක අශා මවන.......................................ඇඟ
නිහඬව ගලා ගිය අනුරාගයෙහි............................. ..........ගඟ
නොසිඳී ගලනු ඇත ඒ 'සොර හිමිගෙ' ............................. .ලඟ...!

සමහර දිනෙක රෑ - ළා සඳ එළිය.....................................ඇතී
කරදර කරන විට ගත රාගයෙහි............................ ..........එතී
මනසින් ලඟට ලං වී ඉවසුමක්.......................................නැතී
ඇගේ සියොලඟ ම තවරමි මම දෙතොල්..........................පෙතී

නොඇසෙන ඇසෙන ගානට ඇගෙ මුවෙන්.........................එන
තුටු කෙඳිරියෙන් ගත සිත කිති කැවී..................................යන
නැඹුරුව ඇගෙ ලැමට - සලුවෙන් මුදා............................ගෙන
දෙතොලින් දොවමි පියයුරු තුඩු මෝදු...............................වන

මනසින් ගෙනත් සතපා ඇය යහන...................................මත
පොඟවමි හාදු වැස්සක කිරිගරුඬ.....................................ගත
එතකොට ට දැනෙන පවසනු බැරි සුවය............................වෙත
ආසා කලා තනිකඩ මගෙ තුරුණු......................................සිත

ඇගෙ පෙම් පහස එලෙසින් විඳ ඇති...............................හින්දා
අප පෙම් පුරාවත යළි මතකෙට...................................කැන්දා
ඒ සුව මතක පන්හිඳ තුඩගෙහි.......................................රන්දා
ඇගෙ නාමයෙන් මේ පැදි පෙළ පද...............................බැන්දා....

මදුර වික්‍රමසිංහ කිවිඳුන්ගේ නිර්මාණයකි
2013 පෙබරවාරි මස 2වන දින.

No comments:

Post a Comment