කවි කියවන්න ආව අය

Wednesday, March 9, 2016

ඇය මිය ගිහින්..!!!

ඇය මිය ගිහින්..............

ද ව සක - ගෙවී ගිය ගිම්හානයෙහි.......................අග
හ ව සක පියාඹා මා එන අතර.............................මග
ස ව නට ඇසුන පෙම් ගීයක් නිසා.........................දිග
ගු ව නින් වහා බැස වැසුවෙමි - ගසක..................නුග

පැ මි ණිය දිසාවට ගී හඬ සුළඟ.........................දිගේ
හි මි හිට යොමු කලා මතකයි දෙ-ඇස................මගේ
නැමි අතු ඉති යටින් දුටු හැටි මුහුණ...................ඇගේ
ඉ මි හිරි මතකයක් විලසට සිතට.....................නැගේ

ඇ ය වෙත මගෙ සිතැඟි තෙරුම් යන................ලෙසට
ග ය මින් ගීත - ගොස් වැසුවෙමි එම..................ගසට
බි ය සැක සිඳී සිත - ඇය පෑ..........................මදහසට
නි ය මින් ඇසිමි පිළිතුර මගෙ.......................අදහසට

ඉ ස් සුනි පෙඳය කිසියම් තාලෙකට...................වගේ
ගැ ස් සුනි දෙඇඳි - එය නම් දසුනකිය................අගේ
වැ ස් සක් ලෙසින් වැස හැඟුමන් සිතට...............මගේ
හි ස් යයි සිතුනි හද - නැති නම් සෙනෙහෙ.........ඇගේ

එ ද වස පටන් බැඳෙමින් පෙම නැමති..............දමින්
නි ද හස් ලෙසින් රිසි රිසි තැන ඉගිල.................යමින්
ල ද දුක සහ තුටට එක ලෙස මුහුන................දෙමින්
අ ද වන තුරා සිටියෙමු අපි අචල....................පෙමින්

හැ ම මොහොතම ගෙවා වන විල් උයන්..............වල
මෙම මා කියන දා - සුන්දර හවස්......................කල
කි ම දැයි නොදැනුනද - ඇගෙ නිල් නුවන්..........තුල
ම ම දුටුවෙමි 'යමක්' - කළඹන හැඟුම්...............විල

හු රු අනුරාග බැල්මෙන් හැඩ වුන..................නෙතට
ද රු පෙම කඳුළු ලෙස විත් පෙනුනා...............තෙතට
අ රු තක් රැගෙන ආ - මගෙ දිවි මං................පෙතට
කරු ණක් වුනා එය - තුට දනවන....................සිතට

අ ද හස ලෙස ඇගෙද - නිවසක් හදන...............නියා
නි ද හස් තැනක් සොය සොය හැම තැනම...........ගියා
උ ද යක මෙතැන දැක තව දුර ඉගිල..............නොයා
එ ද වස ඇරඹුවෙමු වැඩ - ගෙය හදමු................කියා

ගෙන විත් කෝටු සහ පරඬැල් විටින්....................විට
තැන නිසි ලෙස බලා තැන්පත් කරන...............කොට
සැන සුම සතුට මා දුටු ඇගෙ නුවන්....................යට
උ න නා කඳුලු අතරින් පෙනෙනවා....................මට

වැ ඩ නිම කළ නිවස දෙදෙනම වෙහෙස...........ගෙන
හැ ඩ කෙරුවේ ඇයයි අරගෙන පළමු................තැන
අ ඩ අඳුරෙම එදා - කාලය නොගෙන..............වෙන
ඉ ඩ ලැබ ගතිමු 'එක වහලක්' යටට..................යන

ස ති කිහිපයක් තව එලෙසින් ගෙවුන.................තැන
ග ති යක් වෙතැයි පවසා කුස රිදුම්....................දෙන
ඉ ති රෙන දරු පෙමින් හිමි දුක දරා.................ගෙන
වැති රුනි ගෙබිම මත - ඇය මේ කියන...............දින

දු ර නොව නිවස අසලම අතු අගක..................වසා
ත ර මක් වෙලා සිටියෙමි ඇගෙ කෙඳිරි..............අසා
ද ර මින් එදුක - මට තව ඉනු නොහැකි...........නිසා
වෙර ගෙන ඉගිලුනෙමි අඳුරෙම දෙඇඳි..............ගසා

රැ ය ගත වී කෙමෙන් අරුනළු වැටෙන.........කොට
ඇ ය වෙත පැමිණියෙමි - නොඇසුනි කෙඳිරි.......මට
සොය මින් ඊට හේතුව නෙතු යොමන.................විට
පි ය සෙනෙහසට නැගුනා නෙත කඳුලු..........කැට

පෙඳ ය ද තබා ගෙන තරමක් උඩට....................කර
ඉ ඳ ගෙන බිජු උඩින් - නොයෙදෙන පරිදි...........බර
බ ඳ යට තබාගෙන රකිනා අතර.......................තුර
ළ ඳ මගෙ - තුටින් විය නොදුටුව තරම්..............පෙර

හි ට ගෙන එහිම- එම බිජුවට මට..............පෙන්නා
තු ට මුසු හෙටක් ගැන හැඟුමින් ඇය............උන්නා
ක ට යුතු බොහෝ දේ ඉන්පසු................කරපින්නා
පි ට ගියෙ නෑ ගෙයින් - එක විට අපි...........දෙන්නා

සි ත මින් පරිස්සම බිජුවට කෙරෙහි..................ඇති
නි ත රම උඩට හරවා රත් නොවුන...................පැති
ග ත යට තියාගෙන තුන් තිස් පැයෙහි................නිති
ම ත කයි මවක ලෙස ඇය පෑ අමිල.................ගති

වෙන දා මෙන් අද ද සුපුරුදු පරිදි.......................එයා
දි න යෙන් අඩක් ගෙතුලම සිට ඉවත.............නොයා
තැ න මට ලබා දී බිජුවට රකිනු........................කියා
ව න පෙත දෙසට - තටු සලමින් ඉගිල...............ගියා

පැ ව රුන වැඩේ නිරතව මා එතැන්...................සිට
ද ව සෙහි ඉතිරි අඩ ටික ටික ගෙවන................විට
ප ව ස ද විටින් විට පීඩා කලත් ......................මට
ඉ ව සා ගෙන වුනිමි නොගියෙමි ගෙයින්...........පිට

ග ත වී යද්දි කාලය පැය ගනන්................ලෙස
නි ත රම සිතුනි එයි - ඇය වන පෙතින්.........බැස
කොත රම් බලා සිටිය ද වන පියස.................දෙස
නැ ත පැමිණියේ ඇය - කල් ගත වුනා............මිස

පි ය ඹා පිටට විත් ගෙයි ඉනු බැරිම.............තැන
සොය මි න් ගියෙමි වනයෙහි මගෙ පියඹ.........ගැන
දි ය පිරි විල අසල ගොස් අප වතුර.............බොන
ඇ ය මිය ගිහින් ! තණ බිස්සෙහි වැතිර..........ගෙන

වි ල වෙත පහත් වී දිය බොන වෙලෙහි............අද
ග ල කින් වැදී ඇති පහරක් නිසා....................තද
ගැ ල වුන පියා පත් හමනා සුළං....................වැද
සෙල වෙයි විසිර ගොස් තණ පත් අතර............මැද

ඇ ල වී පැත්තකට හිස - නෙතු විවර..............වෙලා
ගෙල පෙදෙසම රතුයි - රුධිරය පිටට...............ගලා
ග ල කින් පහර දී ඒ අසරණිය......................තලා
ම ල - මා නෙලුව - කිසිවකු මට අහිමි...........කලා

මදුර වික්‍රමසිංහ  කිවිඳුන්ගේ නිර්මාණයකි.
2014 අගොස්තුවේ 10 වන දින.

No comments:

Post a Comment