කවි කියවන්න ආව අය

Thursday, November 15, 2018

ගඳ සුවඳ 14

ගඳ සුවඳ "(දාහතර වෙළුම )

ඉතුරුයි තාත්තගෙ සල්ලිත් අහ මේක
දැනටත් ඒකි ඉන්නේ බං මගෙ ගේක
හොඳටම බලාගමි මම උඹ වගෙ ඕක
යාපනෙ ගිහින් අර්ජුන  බැඳගං ඒක

දින කීපෙකට රට යනවැයි පිටත් වෙයන්
උඹ ගිය පසුව මම යන්නං නිම්මි හොයන්
අසරණ වෙද්දි ඇරෙනව බං දොරටු පියන්
ඉඳහිට උඹත් ඇවිදින් ඔහෙ සතුටු වෙයන්

ගුණමකු මිතුරු මේ මහ තිරිසන් පවිටා
අදහස දැම්ම බොටුවම හිරවුණු කලටා
අර්ජුන එකඟවිය විසඳුම් නැති කමටා
සැලසුම දියත් කෙරි අසරණියව රවටා

හැඬුවා රට යද්දී නිල්මිණි  දෙපා බදා
නිමවා දෙසතියෙන් එමි දුක් නොවෙනු සුදා
අර්ජුන ගියා ඇය හට දුකඳුරම පුදා
දෙවියොත් සිටී මේ ජඩ වැඩ වෙද්දි නිදා

අර්ජුන ගිහින් දෙසතිය ගෙවුනට  පස්සේ
ගුණමකුවා හෙමිනි  ඇගෙ ගෙදරට බැස්සේ
යාපනයේ මඟුල දුරකථනය ඔස්සේ
ඔහු පෙන්නුවා නිල්මිණි හඬවා සිත්සේ

ගියදේ ගියා  දැන් දුක්වී පලක් නැත
මේ ගෙය ඔබට දෙමි ඒකේ දෙකක්  නැත
අර්ජුන ඔබ සොයා යළි එන්නේද  නැත
අසරණ වෙන්න මම ඉඩදෙන්නේද නැත

ඔහු ඇය වැලඳගති විඳුමට අමාසුවේ
සිහිනෙන් පවා රසවින්දා ඔබේ රුවේ
පිළිකෙව්  කළා එය  නොවැටී අමාරුවේ
වරදක් කළත් මා නම් වෙසඟනක් නොවේ
හ්
කොටියා පැනී ඩැහැගන්නට ගොදුර වෙත
දිව්වා මුවැත්තිය බේරෙන මගක් නැත
පිළිසරණක් පතා වටපිට යැවී නෙත
කුස්සියෙ තිබුණ උල්පිහියට ගියා අත

..................................................ශාරා
මතු සම්බන්ධයි

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.

No comments:

Post a Comment