" ගඳ සුවඳ " (පස්වන වෙළුම )
පෙරැළුණි එතැන් සිට කණපිට හැමදේම
පිළිකෙව් කළා ඇය සේකර තරයේම
විසඳුම එකම මේ නරකය හැරයාම
වත්තම හෙල්ලීය මේකිගෙ කෑ ගෑම
ඇමතුම ලදින් අම්මගෙ සේකර ආවා
වරදට සමාවද පිරිමැද ඉල්ලූවා
ඇය කොටි දෙනක සේ දිගටම වෙස් පෑවා
රෙදිපිළි පවා බෑගයකට ඇසිරූවා
නෑ නිල්මිණිව නවතන්නට විකල්පයක්
බෑණා ගතිය මාමණ්ඩිට කෝල් එකක්
දූ හට දෙමින් ඔහු කී අවවාද රැසක්
කුණු ඇද්දාට සේකර හොඳ මහත්තයෙක්
අප්පගෙ කතාවෙන් නිල්මිණි පසුබෑවා
ඔසවා ඇඟිල්ලක් මුත් මේ ලෙස කීවා
මම නිදියන්නෙ නෑ මින්පසු නුඹ ගාවා
ඉක්බිති දීගෙ පොතකට සීමා වූවා
සේකර ඇයට පන මෙන් ආදරය කළා
වැඩෙනා ගැබ දිහා පිය සෙනෙහසින් බලා
තනිකම මකා ගත්තේ දිගු සුසුම් හෙලා
රෑ කල නිදා ගනිමිනි කුස්සියට වෙලා
ඒ දින පටන් ගොළු දීගෙක රස වින්ද
සේකර නම මසක් ලෑබුවේ නෑ නින්ද
මෝරන ගැබ දිහා සතුටින් බලමින් ද
රෑ ගත කලේ මැසි මදුරුවො තලමින්ද
පළවෙනි ප්රසූතිය මව් පියො සෙවණෙ කියා
නිල්මිණි ගැබත් උස්සාගෙන ගමට ගියා
දරුවෙකු ලැබුණු බව ඇය හට තිබුණි ලියා
නුදුරෙම ආව පණිවිඩයක ඔහුව සොය
.........................................................ශාරා
සේකර ඉකි ගැසී දුකටද සතුටටද
නොදනී ඇස යවමු සයවන වෙළුමටද
මම යොමුකරන්නෙමි පැනයක් ඔබ හටද
ආසම පුතෙකුටද ?නැතිනම් දුවකටද?
ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.
No comments:
Post a Comment