කවි කියවන්න ආව අය

Thursday, November 15, 2018

ගඳ සුවඳ 8

ගඳ සුවඳ  "(අටවන  වෙළුම  )

අර්ජුනගේ උදවු ඉන්පසු නොඅඩුවම
ලැබුනා සේකරගෙ පවුලට හැමවිටම
අහරක් උවද පිසනා විට නිසැකවම
ඔහුගේ කොටස  පිරිනැමුණා ගෙදරටම

උදයෙම හුවමාරුවෙයි සුබ උදෑසනක්
ඉඳහිට වඩාගත්තා දරුවාද බිඳක්
දිනකට වරක් සිදුවේ දැන් මෙහෙම දෙයක්
ඇසටැස ගැටෙන්නට පඩිපෙළ හොඳම තැනක්

වැඩියෙන් සේකරට ඔහු ජවසම්පන්නයි
අඳිනා ඇඳුම් වුව හදවත කුළුගන්වයි
අවිහිංසකයි නිල්මිණි හරි පෙම්වන්තයි
දෙදෙනම සිතුවෙ මේ අදහස සම්බන්ධයි

දැන් බැරුවා වගෙයි ඉන්නට නම් නොදැක
ගත ඉල්ලා වැටෙයි මිහිරද උණුහුමෙක
පළඟැටියෝ නොදැන ඇව්ළුම ගිනිගොඩෙක
පමණක් සැනසුණා රසයෙන් තොල්පොටෙක

සේකර බාල්දියෙ එබුවත් කුණු ඇඳුම
සිදුවිය නොසෝදා ඉවතට  විසිකෙරුම
ඔහු කිසිවිට නොවී ඒ පිළිබඳ පුදුම
සේදුව අතුල්ලා එය හමයන තුරුම

ගැහි ගැහි ගත යදී අනියම් රස පහසක්
සිත ඉකිබිඳී ඉල්ලා තනිවෙන දිනයක්
දෙවියොද මන්ද දුන්නා මේකට රුකුලක්
වැටුණා එදා ඔහු හට රෑ වැඩමුරයක්

අමතක නොවෙන දිනයක් විය දවස එදා
ඇතිවන තුරා ගත්තා රස පහස බෙදා
නිල්මිණි අර්ජුනගෙ ඉඳුරන් ඉද්දි නිදා
නොදැනිම තවත් දිනකට හිරු වීය උදා
......................................................ශාරා

මතු සම්බන්ධයි

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.

No comments:

Post a Comment