කවි කියවන්න ආව අය

Showing posts with label අනුර ගුණතිලක. Show all posts
Showing posts with label අනුර ගුණතිලක. Show all posts

Saturday, March 12, 2016

විඳවීම විඳිමි...!!

......විඳවීම විඳිමි......

සදාතන නැති නමුදු අතීතය..................සුන්දරය
මියේවිද මියෙන තුරු ඒ මතක........ .....මන්දිරය
නෙතේ සිතුවම් අඳියි කාළයෙහි............අන්දරය
පිදූ දිය බිඳට වුව ලැබුවේම...................ගින්දරය

අද ඊයෙ දිවි ගමන හඟවන්නෙ.......වෙනසක්ය
සෙනේහය ආදරය හැඟුමක් ම..........පමණක්ය
යළි එ,දෙස බැලුවාම සැබැවින්ම....බොරුවක්ය
දඬුවමට දඩ ගෙවන වියපත්ව.............හිඳුමක්ය

නොකියාම උන්නේය සඟවාන.........මතකයන්
හැමදේම නිමවේවි දැවුනාම..............චිතකයන්
සැඟවේය නොදැනීම දුර ඈත............ලබැඳියන්
විඳවීම තනිවීම දිවියේම....................උරුමයන්

ආදරෙන් බැඳුනාට පපුතුරේ..........සෙනෙහසින්
කෝ එදා පැතු පැතුම් බොඳවෙළා..මිය..ගොසින්
ජීවිතය දකිනවා සිත නිවන..................අදහසින්
ආ මඟෙහි නැවතීම විඳ ගනිමි..............මදහසින්

හඬවනා රිදවනා මතුවනා...................සිතුවිල්ල
දවනවා හදපුරා ඇවිලෙනා.................ගිනිදැල්ල
ඉපදිලා මියෙනවා දඟලනා.................දැඟලිල්ල
හමුවෙනා තුරු මෙමා සොයනවා.......සැනසිල්ල

අනුර ගුණතිලක කිවිඳුන්ගේ නිර්මාණයකි.
21/02/2016

කවක් විද කෙසේ...!!

...............කවක් විද කෙසේ.........
අසුන් අසු අරා............යන්නේ...මඟ දැන අසරූ
දියෙන් කිරි පෙරා.......ගන්නේ...රණහස තිසරූ
බලන් කඩතුරා...........හරිමින්....දෙය දෙස නිසරූ
හෙලන්නෙද කෙසේ..පුදසුන්.....අබියස වසුරූ

පලක් ඇති තුරා.......පලගෙන.....හිඳිමින මිතුරූ
මෙවන් රුදු දනා......මතුදින... ...වෙනු අැත සතුරූ
ඉතින් කියනවා........වැරදිම........යනතුරු පතුරූ
දෙපැත්තම කැපේ....දරුණුව.......සදිසිව කතුරූ

බලන්නට පවා..........බැරි විය.......තරහව පිපුරූ
බලන් නෙතු යොමා...මතුවිද........ගිනිදළු පුපුරූ
පහන් සිත වුනේ.......කෙලෙසද...මෙතරම් නපුරූ
බුදුන් වෙත පිදූ..........කුසුමක්......වෙනුමැන කපුරූ

අයෙක් වෙත සදා......සැමටම.....මෙත සිත පැතිරූ
කරන්නෙද කෙසේ....වයිරය........සිත තුල ඉතිරූ
පවින් පව පිරේ.........දෙතොලෙහි..නපුරම මැතිරූ
කවක් විද කෙසේ.....සුන්දර........සෙවනැළි ඇතිරූ

නසන්නට එපා........එලෙසින.....කවිකම සොඳුරූ
පෙනෙන්නට ගනී....එතනදි........විනිවිද මැදුරූ
නොදත් කම නිසා....කරනුද........යන මඟ අඳුරූ
ගසක් වෙනු එපා......දිනයක........වියලුනු පිදුරූ

අනුර ගුණතිලක කිවිඳුන්ගේ නිර්මාණයකි .
11/03/2016
(ජලධරමාලා විරිත)...පාදයකට මාත්‍රා 20, බැගින් මත් 8, 4, 8, ..විරාමය තබා පබැඳූවකි.