කවි කියවන්න ආව අය

Showing posts with label මුදූ රේඛා. Show all posts
Showing posts with label මුදූ රේඛා. Show all posts

Monday, March 14, 2016

බුදුම අයියල .. !

බුදුම අයියල ……
______________

විකට් ගත් සේ ඇටත් ගස්ලබු
ගම්මිරිස් වී නටන්නේ

බකට් වැටි දා ගිලුන කරටිය
වරල් ඉහ කැපි පිදෙන්නේ

ටිකට් ඇදිලා විරිත්තන් කහ
කෙහෙළ් ගස්ලබු දිලෙන්නේ 

පැකට් අස්සේ පොළොස් සුදු වී
කහට නෑ මයි කියන්නේ

***

'කරවලේ තෙත් නැහැනෙ පුස්
මිස් ' මැස්සනුත් නෑ බලන්නේ

විටමුලේ රැස් පුරෝගෙන දත්
හපය සඟවන් ගයන්නේ

බඩවැලේ පනුවොත් පිනුම් පැන
සරුවතේ රහ දොඩන්නේ

මඩවලේ ඇයි නාන කපුටෙක්
නැතිද හොරගල් රකින්නේ

***

රතුම රතු වුව සීනි ගෝනිය
කළු කූඹි දුව ඇදෙන්නේ

බුදිම කොයිහැටි වුනත් බඩකට
පොකට්ටුව හිස් හඬන්නේ

බුදුම අයියල හක්කෙ රැස් ලිහ
බොක්කෙ දඩ මස් රකින්නේ

පොලම පීරල ගාට ලා ආ
මල්ල කට මැත දොඩන්නේ

මුදූ රේඛා කිවිඳියගේ නිර්මාණයකි. උපුටා පල කරන ලදී.
2015/09/15