කවි කියවන්න ආව අය

Showing posts with label අනූ දෙල්තලාව. Show all posts
Showing posts with label අනූ දෙල්තලාව. Show all posts

Saturday, March 12, 2016

දෙවෙනි මවකි ඇය..!!

විහිදී යන කැපුම පොත්තෙන් පොත්ත දිගේ..
ගසකින් ගසට යයි මුවහත් පිහිය ඇගේ........
වැටුනයි හඬාගෙන විත් කිරි බිංදු ඇඟේ.........
පිරුනේ පොල් කටුව තුල මුදු හීන ඇගේ...

නුඹගේ කිරි වලිනි ලොව දිනු දරුවො වුනේ.......
මහගේ සැවොම රැකුමට නිති සහය ගෙනේ..
ගැනුමට බෙහෙත් ටික අප්පගෙ ඇතිව සෙනේ....
අපගේ දුකට පිහිටවු කප් රුකක් උනේ...........

කුඩා කල පටන් ඔබ ඇසුරේ වෙසුනි..
විඩාවට මෙන්ම සෙවනට අතු බෙදුනි..
දුවගෙන විත් බඳ වට මගෙ අත එතුනි..
නැලවිල්ලෙ ගීය ඇය කොඳුරනු ඇසුනි..

රැක වරණය දෙමින් අපගැන බැලුව සදා..
දිවි රැකගන්න දුන්නේ ඔබෙ කඳුලු බෙදා..
වැදු මව් දුන්න මුත් ලේ කිරි කරල එදා....
දෙවැනි මව නුඹයි අප රැකි සෙනෙහේ පුදා

අනූ දෙල්තලාව කිවිඳියගේ නිර්මාණයකි.