කවි කියවන්න ආව අය

Showing posts with label නදීර දිල්ශාන් වික්‍රමසිංහ. Show all posts
Showing posts with label නදීර දිල්ශාන් වික්‍රමසිංහ. Show all posts

Wednesday, March 9, 2016

අම්මේ නුඹට බඩගිණි හෙම දැනෙනවද?

අම්මේ නුඹට බඩගිණි හෙම දැනෙනවද?

පපුවෙන් නැගෙන ගින්නෙන් ලිප................අවුලනවා
හිරුටත් හොරෙන් නිල් මහනෙල...............පිබිදෙනවා
බත් ඇටයකට නුඹ සිඟමන්.........................අයදිනවා
ඊටත් වැඩි ව පතිවත රැක.......................සැනසෙනවා

දැමි මුත් සෙරෙප්පුව දෙ පතුළ පොළොවෙ............වදී
කළ මුත් පරෙස්සම දියවෙයි අඳින.....................රෙදී
කුස පුරවන්ට තැතනුව මුත් සෙනෙහෙ................බැඳී
මිහිපිට අපායක දුක නුඹ යසට............................විඳී

මතු බවයෙකට වැඩ පිණිස ය පිතා......................මහා
පෝයට රහ මෙරට නොවැටුණි පිනකි.................අහා
ඇද නුඹෙ කැවුතු - කෙස් වැටි - ඉඳු හතර.............පහා
මිය ගිය පුවත ඇසු විට ඔබ වැටුණි......................වහා

තුන් වේලකට මට කුසගිණි දැනෙන.................එකේ
අම්මේ නුඹට නොදැනෙන එක පුදුම................සැකේ
හීලට දවාලට මයෙ කුස පුරන..........................එකේ
නුඹ බුදු වේවි, හැම දෙවියන් අතින...................රැකේ

නදීර  දිල්ශාන් වික්‍රමසිංහ  කිවිඳුන්ගේ නිර්මාණයකි . (19/11/2014)