කවි කියවන්න ආව අය

Showing posts with label රීනා වාස්. Show all posts
Showing posts with label රීනා වාස්. Show all posts

Friday, March 25, 2016

යළි ඇවිත්....!!

යළි අැවිත්
**********
දම දමා පැලැස්තර තුවාලෙට හදවතේ
වහන්නට දැඟලුවත් වෑයමෙන් දස අතේ
දරා යන බර හිසින් වෙහෙස ලයි උවනතේ
කිමැයි කිව නුඹ යළිත් අැමිණුනේ මගෙ නෙතේ

සමාජය තුළ අඳුර නොදුටු වියකදි එදා
ඉරේ සැඩ නැත හැඳින කැකුළු මලකිය උදා
නඳේ පතුරුවන සඳ නිබඳ අසළම රඳා
පලා යන බව නොදැන උනිමි සිහිනෙක නිදා

පුරා සඳ එකලු විද අමාවක හද වෙලයි
උදෑසන තිමිර නෙතු වසා කඳුළැලි ගලයි
හිතේ පවතින සවිය අළාමක ගුණ වඩයි
දමා ගිය ඔබ මෙමට අගේ නැති කෙල පිඩයි

වපරැසින් බැලූ කල ලොව නොමැත පිවිතුරු
මේ කුලක රැඳි අඳුන් වසාලයි සඳ තරු
දැවුණු අත්තටු සමඟ දිවිය නැතිවද හුරු
එපා තව එපා ඔබ නිතින වෙනු මැන දුරු

රීනා වාස් කිවිඳියගේ නිර්මාණයකි .
26/03/2016