කවි කියවන්න ආව අය

Showing posts with label ප්‍රසන්න ගාමිණී. Show all posts
Showing posts with label ප්‍රසන්න ගාමිණී. Show all posts

Saturday, March 12, 2016

අම්මේ ...!!

ආදරේ උල්පතට පණදී ජීවිතය ජය ගත් ............. දිනේ
විඩාපත් ගත තුටින් හැඬුවා හදපුරා ගලමින්......... සෙනේ
නිමාවක් ලද නිමේෂයකින් සිනහවෙනි මුව......... සැරසුනේ
ගැලූ රුධිරය මතින් දිවියේ අලුත් පිටුවකි............. පෙරලුනේ

මහමෙරක් තරමට පැතුම් පොදි ළයපුරා සඟවා................... තබා
කල්පයක් මෙන් පෙරුම් පිරුවා බොහොමයක් රැය නිදි...... නොබා
සිහිනයක් ළඟ අකුරු කරමින් විදුලියක් විලසින්................... පබා
එනතුරා මග බලන් සිටියා දකින්නට ඒ රුව.......................... සොබා

නෙතඟ කඳුළක් පුරාවිත් සීතලට දෙකොපුල් තෙමා.............. දැම්මේ
සිහිනයක රැඳි සුවඳ විලසින් සිත මගේ දිව ගියා.................... පිම්මේ
සෙනහසක බර දරා රකිමින් නොපෙන්වා හදවතේ.............. බැම්මේ
මාව බිහිකළ දිනදී නුඹ විඳි වේදනා අද දැනුණි........................ අම්මේ

ප්‍රසන්න ගාමිණී කිවිඳුන්ගේ නිර්මාණයකි.
12/03/2014