කවි කියවන්න ආව අය

Showing posts with label තරිඳු ලක්ෂාන් ගණිහිආරච්චි. Show all posts
Showing posts with label තරිඳු ලක්ෂාන් ගණිහිආරච්චි. Show all posts

Saturday, March 12, 2016

ලක්දිව සසුනඹර හිරු අද ගියා බැස.....

ලක්දිව සසුනඹර හිරු අද ගියා බැස.....
________________________________________________
ඉපදී සුපින්වත් රන් පුතණුවෙකු..........ලෙස
පැවදිව රැකිය සිල්වත් කම තබා............හිස
උරදුනි රකින්නට රට දැය සමය............බස
ලක්දිව සසුනඹර හිරු අද ගියා.............බැස

සතරක් අනූ වසරක් දිවි මග..............වැළඳූ
ගරුතර මහා ගලගම නායක..............සමිඳූ
සිටි සඟ මිණකි ලෙස සාසනයට.........නිරිඳූ
හිමි නැති සොවින් වැලපෙයි කුමරිය....තරිඳූ

බොහො කාලයක් දළදා හිමි රැක.......බලලා
ඇත දස් ගණන් වර තේවාවන්...........කරලා
කුසලය තිබේ නිවනට මග හෙලි.....කෙරිලා
නිවනට වැඩිය හිමි සේවය අත.........හැරලා

ගලගම අත්ථදස්සී හිමියනේ................ගරූ
මිණි සඟ රුවකි කෙදිනකවත් නොදුටු....විරූ
කල පින් මදැයි දළදා සේවයේ...........කෙරූ
නිවනින් සැනසෙවා බුදුහිමි දෙසුව.........යුරූ

හෙටදින හිඳන් රට පඬුපැහැ...........ගතලාය
නෙත නෙත කඳුළු බිඳු බිඳු විත්........ගලලාය
සිත සිත සමිඳු ගුණයෙන් පින්..........පිරිලාය
සමිඳුගෙ නාමෙ තව කප් කල්.........බබලාය

තරිඳු ලක්ෂාන් යූ. ගණිහිආරච්චි කිවිඳුන්ගේ නිර්මාණයකි.

-2016.03.09-

Thursday, March 10, 2016

තාත්තේ ...!!

තරිඳු ලක්ෂාන් යූ. ගණිහිආරච්චි
20 February at 20:55
කොහොමද තාත්තේ ඔබ නොමැතිව ඉන්නේ...
________________________________________________
දෙදහස් දොළහ මාසය එය උනේ..................හත
පහළොස් වෙනිද තවමත් මතකයේ...............ඇත
ඔබ වෙත තවත් සැලුමට නෙත් කඳුලු...........නැත
එය සීනයක් දෝ විමසයි තවම......................සිත

මතකෙට නැගෙයි පහුගිය තුන්...............අවුරුද්ද
ඔබ නැති ගෙදර අමු සොහොනකි නැති.........සද්ද
දෙව්ලොව හිඳන් ඔබ අපදෙස..............බැලුවෙද්ද
අපි තුන්දෙනා ගැන දුක හිතුනෙම...............නැද්ද

ඔබෙ මුව අගින් ගිලිහුනු ඒ සිනා...................මල
පිළිකා මාරයා බොරකල දිවියෙ....................විල
ඔබ නැති අඩුව මටකල නොම හැකියි............මිල
ඔබ පණ පිටිනි තවමත් මා හදෙහි.................තුල

බොහො දුක් සුසුම් උපදියි හදවතෙහි..........ගැබේ
කඳුලුත් පිරෙයි ඔබ සිහිවන විටදි................ඉබේ
ඇඳි සිතුවමකි පියතුම හද ඇතුළු................ගැබේ
රුව නැති නමුදු ඔබෙ මතකය සිතෙහි.........තිබේ

හිරු දෙස බැලිමි මට ඔබවයි.............සිහිවන්නේ
සඳ දෙස බලමි ඔබෙ රුවමයි............මතුවන්නේ
නිරතුරු ඔබේ හඬ සවනත රැව්.............දෙන්නේ
ඔබ නැති නිසයි හදවත මගෙ.........වැළපෙන්නේ

මල්ලියි මමයි අම්මයි තනියම...............ඉන්නේ
ඔබ නැති දුකිනි තවමත් කඳුලැලි........බොන්නේ
කෙලෙසද තාත්තේ මේ දුක.............ඉවසන්නේ
ඔබ ආයෙත් අනේ අපි ළඟටම..............එන්නේ

~ජී.ඒ.තරිඳු ලක්ෂාන් යූ. ගණිහිආරච්චි~
-2016.02.20-