කවි කියවන්න ආව අය

Showing posts with label මංජුල හෙට්ටිආරච්චි. Show all posts
Showing posts with label මංජුල හෙට්ටිආරච්චි. Show all posts

Tuesday, March 22, 2016

මැකීගිය සොයුරු දම්..!!

මැකීගිය සොයුරු දම්...
1.
අප්පච්චී උණ්නු කාලෙ අපෙ මහ ගෙදරට
අයියා අක්කා එකතු කරන් බක්මහ නැකතට
හත්මාලුව අම්මා හදා කැවිලිත් එක්කොට
බිං තබලා කෙහෙල් කැනක් කෙරුවා මුල්ලට
2.
ලොකුඅක්කා අයිය මලෝ කෙලි සෙල්ලම් මැද
කජුඅත්තේ ඔන්චිල්ලා පැද්දෙමු එහි ඉඳ
දොමිතරිකිට රබන්හඬයි උණ වෙඩිලිත් බැඳ
පහල ඇලෙන් අපි නාලා අලුත් ඇඳුම් ඇඳ
3.
නොනගතයට ගෙදර ඈයො ගිය හැටි පන්සල්
අහර පිසින සුබ නැකතේ කිරි උතුරන කල්
අනුභවයේ ගණුදෙනු කොට සිත් සතුටේ මල්
ලොකු දෙන්නට බුලත් හුරුලු දුන්හැටි මනකල්
4.
පංචපෙතයි දාං අතයි මතකේ රැව් දෙන
කණාමුට්ටි ගහපු අයුරු නව අවුරුදු දින
සෙල්ලම් දැං ඇති ළමයිනෙ අප්පච්චිගෙ අණ
පිලිකන්නේ සතුටු කතා මතකයි අද මෙන
5.
අම්මා අප්පා නැති යුගයක දසවසකට පසු
එකට උන්නු සොහොයුරුදම කතරට වුනි හසු
පැල ඉනිවැට බෙදා ගන්න පතමින් රන් මසු
අපි ඔක්කොම එකතු වෙන්න දියයුතු මොන ඔසු
6.
මගෙ මැණිකෙයි පුංචි එකත් ඔබ එනතුරු බලා
වෙච්ච ඒවා හැම දෙයක්ම මං අමතක කලා
තෙල්ගානා නැකැත් දවසෙ අපේ දවස වෙලා
එදාවගේ එක් වෙමුකෝ අවුරුදු සිරි බලා

මංජුල හෙට්ටිආරච්චි කිවිඳුන්ගේ නිර්මාණයකි.