කවි කියවන්න ආව අය

Showing posts with label සුනිල් පෙරේරා. Show all posts
Showing posts with label සුනිල් පෙරේරා. Show all posts

Saturday, April 30, 2016

මැයි දින සිතිවිල්ල

****....මැයි දින සිතිවිල්ල....****
හැටපස් වසක් සපුරා කල .................රැවටීම
තවමත් අපට නොදැනී ඇත .............රඟපෑම
යුගයෙන් යුගය පෙරලා පැති .........බලයේම
සිටිවුන් කලේ රට දැය සූරා ................කෑම

සඟ වෙද ගුරුන් ගොවි කම්කරු ........පැවතීම
ලැබුවෙද සැපක් කැඹුරුම මිස ........දිගටෝම
තට්ටුව මාරුකර ඇස්බැඳ .............පෙරසේම
හොරු රැළ නේද පාලනයේ ............හැමදාම

පැවතුණු සෑම රජයන් පෙර එකට ...........වඩා 
අවැඩම කළේ මළමුත් රට නමැති ........ලෙඩා
පසුපස ඔවුන්ගේ නොගියොත් දෙවන .....විඩා
ක්‍රමයක් බිහිකළා පරිපාලනය .............කඩා

නවතම රැල්ල මැයි දිනයේ මට .............පේන
රජහොරු පෙරට එයි සුදුපිලි .............පටලාන
මහජන මුදල් බෙදමින් දෙයි ...............වරදාන
පසුපස දුවයි අම්බරුවන් .................බෙලහීන

අවැඩම කරන පාලක පෙළ හුරු .............විලසින්
දිගටම කළේ තම පරපුර වෙත ...........සතොසින්
නොමගෙන ඔවුන් දෙනදේ උන් රැකෙන .ලෙසින්
මිනිසුනි සිතන්නට හුරුවවු තම ..............මනසින්

සුනිල් පෙරේරා කිවිඳුන්ගේ නිර්මාණයකි

Friday, March 11, 2016

හයියන් ආ පිලිපීනය...

****.... හයියන්-ආ-පිලිපීනය ....****

සාගරය වට - වෙමින් දුපත් - තුන් දහක් ඇති - සොඳුරු එම...........රට
ඈත පෙරදිග - සයුරෙ පහසින් - වැඩුණු දුපුතු - සිටී ලොව ............වට
ලෝකයට දුක් - දෙමින් පසුගිය - දිනෙක හැමු ඒ ............මාරුතයකට
පේන දුරදිග - සුනු විසුනු වී - ලොවට අයදී - සහන ...............ලැබුමට

පිහිටි පොළොවේ - තැනට අනුවම - චන්ඩ මාරුත - හිඟ ..නොවන්නේ
මෙයට පිළියම - හුරුව අනුවම - කවදටත් ඒ - රටුන් .............දන්නේ
එලෙස වුවද - දෙවියො උරණව - මෙවර “හයියන්” .......හමා යන්නේ
දිවිය ඇතිතුල - නොදුටු බිහිසුණු - දරුණු ලෙස - බව තතු... කියන්නේ

බැලූ බැලු අත - නිවෙස් ගහකොළ - දේපලද සුනු - විසුනු.......... වීලා
හැමූ මාරුතෙ - හිතක් නැති ලෙස - දහස් ගණනක් - මරා ..........දාලා
ලොවේ කොපමණ - රටුන් ආවත් - කාරුණික අත් - දිගු ........කරාලා
ඇතේ තවමත් - බොහෝ ගම් නිම් - කිසි කෙනෙකු - නැත ලඟා.. වීලා

දැනට හතරක් - දවස් ගතවී - ඇතත් නැති කිසි - දෙයක් ..........ලැබීලා
නොදනි සෙවනක් - බඩට අහරක් - නැතිව කොපමණ - ඇතිද.. කියලා
බිඳුණු සුන් බුන් - එකතුවී ඇත - ගැලු වතුර කඳ - අනුව ...........සැදිලා
මැරුණු අය ඇත - විසිර දස අත - වල දමයි සැම - එකතු..........කරලා

ලොකුම ගැටලුව - මැරුණු අය නොව - දිවිය ගැලවුණු - අයව සොයාලා
කෙලෙස දෙන්නෙද - හිසට වහලක් - අහර බිඳුවක් - සහන........ සදලා
කාල ගුණයට - අනුව කියනෙලු - දෙවෙනි සුළඟක් - ළඟය ......කියලා
සොබා දම ඇයි - මෙලෙස මිනිසට - දුකම දෙන්නේ - තලා .....පෙලලා

සුනිල් පෙරේරා  කිවිඳුන් 13/11/2013 දින කරන ලද නිර්මාණයකි.

චෝගමේ පිටු පෑම..

****.... චෝගමේ පිටුපෑම  ....****

කොටුවී සිටි අධිරජයෙන් අප දැන් .........නිදහස්
සහයෝගෙන් සිටිමු එකට නොමැතිව .....උදහස්
ගුණ ගරුකව මිතු කැල ලෙස කියනට .....අදහස්
චෝගම රැස් වුනේ කොළඹ සිරිතට ......ප්‍රසහස්

ආලෙන් කොටියගෙ පසුපස අත ......ගාමින්නේ
චෝගම් අරමුණු පැහැදිළි ලෙස ......කඩමින්නේ
ඩේවිඩ් කැමරන් කීමෙන් පිළිඹිඹු .........වන්නේ
ඊලම් තමරට තහනම නැත ඔහු ...........දන්නේ

එකම රැජිණකගෙ අගමැති උතුමන් .....දෙදෙනා
එකම වේදිකාවක ගති දෙකකට .........පෙනුනා
ටෝනි ඇබට් හට සිරලක ප්රුගතිය ......දැනුනා
කැමරන් ගෙන් රැජිණ හටද කැළලක් ...යෙදුනා

ලන්ඩනයේ කොටි චන්දෙන් වැටඋඩ .....රඟනා
අයර්ලන්තෙ ගරිල්ලගෙන් කුණුබස් .......අසනා
ඉරාකෙ හා ඇෆ්ගන් වල මිනිසුන් .........මරණා
ඩේවිඩ් ළඟ මනු ගුණදම් නැතිබව ........දැනුනා

මේක මෙහෙම වේවි කියල මාම හිතුවේ .....නෑ
මාම අපේ හොඳයි කියල අපි කියන්නෙ ......නෑ
වීදුරු ගෙයි සිට මිනිසුන් ගල් ගහන්නෙ ......නෑ
කීව ඒත් බොරු බීරට ඇහුනද දන්............. නෑ
16/11/2013 දින සුනිල් පෙරේරා කිවිඳුන් එවකට ලංකාවේ පැවති දේශපාලනමය හා සමාජමය සිදුවීම් අලලා කරන ලද නිර්මාණයකි.

සවුදියේ 30 වසරක්..!!

**** .... 30 ....****
අපරට අතහැර ඇවිදින් ..............පිටරට
සොයනට කහවනු යහමින් .........දිවියට
කතරට වුවමුත් හරියම් ...........තැනකට
තිහකට පෙර මම පැමිණුනි ......මෙරටට

එකලය අපරට කළුදුම ............නැගුනේ
දුටුවිට කුමකට ඉඳිනුද ..............සිතුනේ
එලෙසට මෙය ගැන තීරණ .......ගැනුනේ
විගසට ආපසු යන සිත ...........ලෙසිනේ

සිරිලක තනතුර තරමක .............ඉහලයි
කෙලෙසක එය හැර ආවද ...........පුදුමයි
එනමුදු එහි ඇති පඩිපත .............පහලයි
පඩිපත සහ මෙහි පහසුව ............කදිමයි

වසරට දෙවරක් යන අප .............මවුරට
ලැබුනට අතමිට සිත නැත ........මෙමරට
පවුලට පුතුනුත් දෙදෙනෙකි ........මේවිට
අනූවෙ සිතුනා ආපහු ...............යන්නට

ලොක්කට ටෙලිකොම් සිටි පෙර ...දවසේ
“සර් අයි ලයික්-ටු කම් බැක් ” .....පැවසේ
“තමුසෙට ඇත්තට පිස්සුද ...........අයිසේ "
බැරිවෙද අපටත් යන්නට ............ඔබසේ

ලොක්කගෙ පිළිතුර පපුවට .........වැදුනා
සවුදිය දෙසටම ආපහු ................ඇදුනා
දැක්මෙන් මෙහි ඇති ගුණදොස් .සොඳිනා
තිස් එක වසරට පා යුග .............තැබුණා

එවකට තිහකිය වයසද ...............මාහට
ගෙවු කල සමවිය අදදින ............පිටරට
බැලුවිට ආපසු සිහිකොට .........මේ හැට
කෙටි බව පෙනෙනව දිගමුත් ......හරියට

මවුරට නිතරම අප යන ...............එනවා
දරුවන් හතරක් පිරිපුන් ............කෙරුවා
කවුරුන් කෙලෙසක කිව්වත් .....මොනවා
සවුදිය අපහට මෙහයක් ...........කෙරුවා

17/11/2013 සුනිල් පෙරේරා  කිවිඳුන් විසින් කරන ලද නිර්මාණයකි.

සවුදියේ වැස්ස..

සුනිල් පෙරේරා
21-11-2013

****.... සවුදියේ වැස්ස ....****
සවුදි රට තුල සුවය ..............සදලා
වසර අග නිසි පරිදි ...........වැහැලා
සියලු දන මන පුබුදු ............කරලා
වියලි පොළොවට වතුර ......ලැබිලා

මෙරට වැසි පල නොමැත .වැඩියෙන්
වසරකට දෙවරකිය .........නිතියෙන්
වසින විට එය නොමැත .....සිරියෙන්
මෙලෙස එය ගැන කියමි ...කවියෙන්

නොමැත ඇල දොළ අගල ......සදලා
මග දෙපස යට වෙනව......... ගලලා
යනෙන පිරිසට අවැඩ ..........කරලා
පොළොවටම එය යනව .......උරලා

වසර අග වැසි හිමද ........ගෙනදෙයි
කතර සිසිලට යසට ............හරවයි
හතරවෙනි මස නැවත .......වැසි එයි
සුපිරි උණුසුම යලිදු ........පැමිණෙයි

සුනිල් පෙරේරා කිවිඳුන්ගේ නිර්මාණයකි.
......21/11/2013......

Monday, February 29, 2016

70 දශකයේ ගීත ...

****....70 දශකයේ ගීත ....****
(මේවා ලියවුනේ එවකට ජීවිතයේ 3 වැනි දශකයේ සිටි අපටම වෙන්න ඇති. පොඩියක් සොයා බලන මෙන් ඔබට ආරාධනා).

ආදරය පුරවා ගෙනා ඒ සෝක සැනසුම් .................වේදනා
ඈතකය කඳු ආදරය රැඳි වලා එය වෙත ................පාවෙනා
ඒ ඔබේ මුදු සුවඳ මුසුවී සිහිල් සුළගේ .................රැලිදෙනා
ගායනය වික්ටර්ගෙ වේනම් සොඳුරු හදවත් ..........සැනසුනා

මින්දදගෙ හී සරය ගැන අප හොඳින් දැනුවත් ........කරමිනා
හන්තාන කඳු මුදුන පිසදා පවන කුටියට .............පැමිණුනා
දොළ අයිනෙ ගුරු පාරෙ අපගේ රහස් ගැන හෙම.. ලියැවුනා
අමරදේවගෙ සොඳුරු ගීයෙන් අපගෙ ආලය ..........පිබිදුනා

ඔබ පමණි අවදිව සිටියෙ ඒ රැයේ නුවරක් ...........නිදියෙනා
අද නැතත් මුතු මාල හත වුව කඩුලු පැන එයි .........නිසිදිනා
ආලයට කෝඩුවේ යන මේ ඇගේ සිතමය ..............වාසනා
ගීයෙ නන්දා මාලිනී ගැයු තරුණ හදවත් ...............කිමිදුනා

සුනිල් පෙරේරා 14/12/2013 දින කරන ලද නිර්මාණයකි . නිර්මාණ අයිතිය සුනිල් පෙරේරා කිවිඳුන් සතුය . ඔහුගේ අවසරය මත උපුටාගැනීමකි.

දරු සෙනෙහසේ යුතුකම ...!!

****.... දරු සෙනෙහසේ යුතුකම ....****
ජනිත වී මෙලොව ඔබ මසිත කුල්මත් ..........කළා
නොනිමි ඒ දසුන මා සිතෙහි ඇත ..........ගුලිවෙලා
යෙදෙන සුබ අසුබ හෝ කරුනු ලෙස .....මතුවෙලා
සුදුසු ලෙස හැඟුම් දෙයි සතුට හෝ සිත .......පෙලා

පියා මව නොවෙනස්ව දරන මෙම .....සෙනෙහසේ
දයා ගුණ සමබරව රැඳුණු ගුණයකි ..............රසේ
සදාතන සිහිවටන එකින් එක ගොඩ ...........ගැසේ
ඔබේ තනුවට අනුව අපේ සිත පෙළ ...........ගැසේ

පරාජය ජය හමුවෙ හොඳින් එය මැන ..........බලා
අපේ ඇති පෙරහුරුව ඔබට ඔවදන් .............කළා
සිතේ දුක වැඩෙන තැන් සුදුසු ලෙස ........විසඳලා
ඔබේ යහපත බලා අපේ දිවි වැය ...............කළා

යොමා ඔබ යහපතට සිටිමු ඈතට .............වෙලා
සදා අප නොරැඳෙමුය කියන්නට ලං ..........වෙලා
එදා බැඳි සෙනෙහසින් වැඩුණු ඔබ දෙස .......බලා
අපේ නෙත් වැසේනම් ඔබේ යුතුකම ...........කළා

සුනිල් පෙරේරා කිවිඳුන් 21/12/2013 වන දින ඔහුගේ මුහුණුපොත් පිටුවට එක්කළ නිර්මාණයකි . ඔහුගේ අවසරය මත උපුටාගෙන පලකරන ලද්දකි .

තාත්තේ...

මෑත දිනෙක සිරිලකෙහි සිදුවූ, පියා විසින් තම වයස අවුරුද්දකුත් මාස නාමයක් වූ දියණිය කළු ගලෙක ගසා මරා දැමීමේ සිද්ධිය පිලිබඳ අනුවේදනීය පුවත.......... 

****....තාත්තේ....****
මෙලොවට මා ගෙනා මගෙ බුදු .......පියාණෙණි
මාහට ඔබේ උණුසුම දැනුනා .................පමණි
භවයෙක මගේ මිනිසත් කම ලැබු ..........රමණි
මෙලෙසට නිමාවක් ඇති බව නොම ......දැනුණි

බහ තෝරමින් ඇමතුව මගෙ ...............තාත්තා
හඳුනා නොගත් මා  බිළිදෙකි ..............කාන්තා
සිතුසේ නැතත් ඔබගේ මේ .................සිඟිත්තා
මෙලෙසේ මරන්නට කිම දුටු ..............නිමිත්තා

අම්මා මගේ නිවසේ නොසිටිය .............විටෙක
කැන්ඳු ඔබේ මග ගියෙ සතුටිනි ............සිතෙක
වැන්දා නිසා දිනයෙක එහි සිට .............පසෙක
කිම්දා සැකක් පන්සලෙ නිමවෙන .........භවෙක

මට ආදරෙ කලත් පණසේ මවු ...............තුමිය
ඔබටද මගේ භවයේ යුතුකම ..................හිමිය 
යුතුකම නොබා සැලසූවෙද මෙම........... නිමිය
මතකද සැවොම වැන්දේ එහි බුදු ............හිමිය

ඔසවා අරන් මා ඉහලට යන .........මොහොතේ
සිතුවා මමත් සැනසෙන්නට ඔබෙ .......දෙඅතේ
ගැසුවා නිසා වැරයෙන් කළුගල් ........පොත්තේ
මොනවා වුණා දැයි මින්පසු නොම .......දත්තේ

නොදුටිමි ලොවක් දින හයසීයට ............තිබ්බ
දුටුවෙමි පුරුදු වෙදැදුරු අවසනෙ ...........තිබ්බ
මම යමි සොයා මට හිමි සසරක ............ඔබ්බ
පතනෙමි ඔබට සැනසුම සිට ............ගන්ධබ්භ

.සුනිල් පෙරේරා කිවිඳුන්  05/09/2014 දින සිය මුහුණුපොත් පිටුවට එක් කළ කවි පන්තියකි ..

Saturday, February 27, 2016

නූතන ගෙදර බුදුන්..!!

****....නුතන ගෙදර බුදුන්....****
හිමිදිරි උදේ අවදිව නිවසට .................පණදී
දවසක උදාවක අරුතට නිසි ..............තැන දී
අරුණලු හිරු කිරණ ලොව පුබුදන .........පරිදී
පෙරදින වෙහෙස නොතකා දිරියෙන් .....පුබුදී

දරුවන් ලෙසම වැඩිහිටි අයටද .........කරුණා
තෙරුවන් සරණ පාමින් නොලසව ....දෙමිනා
විරුවන් හැදීමට යුහුසුළු වෙර ..............දරනා
ඔබවන් ළඳුන් ලොව කිරුළට සම ...කෙරුනා

දුවෙකිය මවෙකි සෝයුරියෙකි .......බිරියක්ය
සැලකිය යුතුය ලෙන්ගතුකම .........සවියක්ය
නිසිමග වෙතට මා යොමනා ........ඇදුරෙක්ය
පිවිතුරු බවෙහි පරිනත .............සාගරයක්ය

නිසිතැන අවැසි ලෙස දැඩි හෝ ...මටසිලුටින්
කටයුතු අපගෙ සිදුවේ ඇයගේ .........පිහිටින්
දිවිමග මෙතෙක් ගිය එම රාවය .......ම’දුටින්
ඇගයිය යුතුය නුතන ගෙයි බුදු ........සතුටින්

සුනිල් පෙරේරා කිවිඳුන්ගේ නිර්මාණයකි ඔහුගේ  අවසරය මත උපුටාගෙන පලකරන ලදී (05/11/2014)